සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

කළුතර මල් වෙළදුන්ට සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් උද්‍යාන කුඩ

06-April-2019

මල් මෙන් සොදුරු නොවූ ජීවිත අරගලය දිනන්නට දැඩි හිරු රශ්මියට නිරාවරණය වෙමින් කළුතර බෝධිය අසල  මල් විකුණන බහුතරයක් කාන්තාවන් වූ අලෙවි පිරිස වෙනුවෙන් හිසට සෙවණක් ලබාදීමට 2019.03.29 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයට මගින් සිදුකරන ලදී.

මෙතෙක් කලක් දවස මුළුල්ලේ වැටෙන අව්වටත් ඉදහිට වැටෙන වැස්සටත් තමන්ගේ හිස සෙවණක් කර ගත් මෙම පිරිසට අද සිට කුඩයකින් ආවරණය  වූ සෙවණක තම වෙළදාම් කටයුතු ගෙන යා හැකිය.

මීට පෙර අවස්ථාවක එම පිරිසෙන් විසි දෙනෙක් සදහා උද්‍යාන කුඩ ලබාදුන් අතර තවත් අට දෙනෙක් සදහා කුඩ ලබා දීම එදින සිදුවිය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) විජිතා සෝමරත්න මෙනවියගේ සහභාගීත්වයෙන් සිදුවූ මෙම සත්කාරය සදහා කළුතර කලාප කළමනාකාරිණී ගෞරි කෞශල්‍යා මහත්මිය අලෙවි ප‍්‍රවර්ධන නිළධාරී දිලුම් රන්දික මහතා යන පිරිස සහභාගි විය.

 ඔබ හොදින් දන්නා හදුනන ඔබේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය තමන් නොදන්නා මෙවන් වූ මිනිසුන් වෙනුවෙන් මනුෂ්‍යත්වයේ නාමයෙන් සිදු කරන මෙම සත්කාරයන් අද මෙන්ම හෙටත් ඔබේ පුංචි රුපියල් විස්සට වැඩිම වටිනාකමක් ගෙන එනු නොඅනුමානය.

 

 


විශේෂාංග ලිපි