සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

රුහුණු මහ කතරගම පෙරහැර වෙනුවෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අනුග්‍රාහකත්වය.

26-September-2019

ඔබේ ජීවිතය වාසනාවෙන් එළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය නිරන්තරයෙන් මෙරට විවිධ ආගමික සංස්කෘතික මෙන්ම අධ්‍යාපනික අවශ්‍යතාවයන් වෙනුවෙන්ද දායකත්වය ලබාදීමට කටයුතු කරන ආයතනයකි.

ඔබේ පුංචි රුපියල් විස්ස වෙනුවෙන් වැඩිම වටිනාකමක් ලබාදෙමින් සිදුකරන ලබන එම අනුග්‍රාහක දායකත්වයන් අනුව යමින් පසුගියදා රුහුණු මහ කතරගම පෙරහැර වෙනුවෙන් රු.1,000,000/-  ක චෙක්පත රුහුණු මහ කතරගම දේවාලයේ බස්නායක නිළමේ  දිල්රුවන් රාජපක්ෂ මහතාට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා අතින් ප්‍රදානය කිරීම සිදුවිය.

ඔබේ ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය රටේ සුබ සිද්ධිය වෙනුවෙන්ද උර දෙන ආයතනයකි.



සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ තවත් දස ලක්ෂපති ජයග්‍රාහකයින් පිරිසකට චෙක්පත් පිරිනැමේ

27-March-2021

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ තවත් දස ලක්ෂපති ජයග්‍රාහකයින් පිරිසකට චෙක්පත් පිරිනැමේ

සංවර්ධන ලොතරැයි පවුලේ ලොතරැයිපත් හරහා බිහිවූ දස ලක්ෂපති ජයග්‍රාහකයින් දහතුන් දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම පසුගියදා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂිකා නීතිඥ ජැනට් ජයවර්ධන මහත්මිය අතින් සිදුවිය.

 

...

විශේෂාංග පුවත්