සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

ලග්න වාසනාව සුපිරි ජයග්‍රාහකයින් තිදෙනෙක්ට සහ දස ලක්ෂපති ජයග්‍රාහකයින් විසිනව දෙනෙක්ට සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් චෙක්පත්.

28-January-2020

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ පසුගිය මාස දෙකක කාලය ඇතුළත සිදුකළ දිනුම් ඇදීම් හරහා බිහිවූ ජයග්‍රාහකයින් අතරින් දස ලක්ෂයේ හා ඊට වැඩි දිනුම් ලබාගත් පිරිසකට  අදාළ චෙක්පත් ප්‍රදානය කිරීම 2020.01.24 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී සිදුවිය.   

එහිදී ලග්න වාසනාව 2741වන වාරයේ සුපිරි ජයමල්ල රු. 4,306,388 ක මුදල දිනාගත් බඩල්ගම ප්‍රදේශයේ එච්.ජේ.පී.රණසිංහ මහතාට අදාළ චෙක්පත ප්‍රදානය කළ අතර එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කළ දූනගහ අලෙවි නියෝජිත එච්.කේ.ජේ.ද සිල්වා මහතාටද චෙක්පතක් සමගින් සහතිකපතක් පිරිනමන ලදී.

ලග්න වාසනාව 2727 වන වාරයේ සුපිරි ජයමල්ල රු.3,536,650 ක මුදල දිනාගත් මඩකලපුව ප්‍රදේශයේ එන්.පරදීස් මහතාට අදාළ චෙක්පත ප්‍රදානය කළ අතර ඔහුට එම වාසනාවන්ත ලොතරැයිය අලෙවි කළ මහනුවර අලෙවි නියෝජිත එන්.එන්.ගුණතිලක මහත්මියටද චෙක්පතක් සමගින් සහතිකපතක් පිරිනමන ලදී.

ලග්න වාසනාව ලොතරැයියේම 2717 වන වාරයේ සුපිරි ජයමල්ල වූ රු.2,000,000 ක මුදල දිනාගත් කොළඔ 08 පදිංචි එම්.ආර්.සිත්ති මහත්මියටද අදාළ චෙක්පත පිරිනැමූ අතර එම ලොතරැයිය අලෙවි කළ දික්වැල්ල අලෙවි නියෝජිත එල්.එම්.එස්.ප්‍රියන්ත මහතාටද එහිදී චෙක්පතක් සමගින් සහතික පතක් පිරිනමන ලදී.

තවද සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අදකෝටිපති, ශනිදා වාසනාව, සුපර් බෝල්, කෝටිපති කප්රුක සහ  ජයෝදා  යන ලොතරැයිපත් වලින් රුපියල් දස ලක්ෂයේ මුදල් ත්‍යාග දිනූ ජයග්‍රාහකයින් 29 දෙනෙක් සදහාද එහිදී චෙක්පත් ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) චානක දොඩන්ගොඩ මහතා සහකාර සාමාන්‍යාධිකාරී(විකුණුම්) සුනිල් ජයරත්න මහතා ඇතුළු පිරිස සහභාගී විය.

 



විශේෂාංග පුවත්