සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

ලග්න වාසනාවේ සුපිරි ජයග්‍රාහකයින් තිදෙනෙක්ට චෙක්පත පිරිනැමේ.

11-August-2021

ලග්න වාසනාව තුළින් එක පෙළට බිහිවූ සුපිරි ජයග්‍රාහකයින් තිදෙනෙක් සදහා චෙක්පත් ලබා දීම 2021.08.11 දින සංවර්ධන ලොතරැයි මණ්ඩල පරිශයේදී එහි සභාපති අනුෂ පැල්පිට මහතා අතින් සිදුවිය.

එහිදී  2021.07.19 දින පැවති ලග්න වාසනාව 3199 වන වාරයේ සුපිරි ජයමල්ල රු. 5,215,059/- ක මුදල දිනාගත් බිබිල ආර්.එම්.නිහාල් ගුණසේකර මහතාට අදාළ චෙක්පත පිරිනැමූ අතර එම චෙක්පත අලෙවි කොට තිබුණේ මොනරාගල අලෙවි නියෝජිත කේ.ඩබ්.ජී. රණසිංහ මහතා විසිනි.

තවද 2021.07.25 දින පැවති ලග්න වාසනාව 3205 වන වාරයේ සුපිරි ජයමල්ල රු. 2,840,357/- ක මුදල ජයග්‍රාහනය කළ බේරුවල ප්‍රදේශයේ ආර්.ඒ.පී.පෙරේරා මහත්මියටද එහිදී අදාළ චෙක්පත ලබාදුන් අතර එම ලොතරැයිපත අලෙවි කර තිබුණේ මග්ගොන අලෙවි නියෝජිත ඩබ්.ජී.සේනාරත්න මහතායි.

ලග්න වාසනාව  2021.07.27 දින පැවති 3207 වන වාරයේ සුපිරි ජයමල්ල රු.2,180,521/- දිනා ගත් අතුරුගිරිය ප්‍රදේශයේ ඩී.ඩී.සී.ටී. තුෂාර මහත්මියටද ඇයට හිමි චෙක්පත එදින හිමිවූ අතර එම ලොතරැයිපත අලෙවි කර තිබුණේ ත්‍රිකුණාමලය අලෙවි නියෝජිත  ඊ.ඒ.පී.උපාලි ධර්මරත්න මහතායි.



ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

31-October-2019

ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

එදා මෙදා තුර ශ්‍රි ලාංකීය ලොතරැයි ඉතිහාසයේ වැඩිම සුපිරි ජයමල්ල වෙනුවෙන් ජයග්‍රාහකයෙක් බිහි කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක ලොතරැයියට හැකියාව ලැබී ඇති බව සතුටින් දන්වා සිටිමු.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වැඩිම ආරම්...

සංවර්ධන ලොතරැයි මණ්ඩලය DLB SWEEP APP එළිදක්ව

15-October-2019

සංවර්ධන ලොතරැයි මණ්ඩලය DLB SWEEP APP එළිදක්ව

සංවර්ධන ලොතරැයි මණ්ඩල පාරිභෝගික ජනතාවගේ පහසුව උදෙසා හදුන්වා දුන් DLB Sweep App එළිදැක්වීම පසුගියදා සිදුකරන ලදී.

ලෝකයේ නව තාක්ෂණික ප්‍රවණතාවයන්ට අනුගත වෙමින් අනාගත ව්‍යාපාරික ලෝකය ජය ගැනිමටත් නව තාක්ෂනික මෙව...

විශේෂාංග පුවත්