සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

නව වසරේ ඉදිරි සැලසුම් වෙනුවෙන් ප්‍රථම අලෙවි සමාලෝචන රැස්වීම නව සභාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වා අවසන් වේ.

11-January-2022

2022 වර්ෂයේ අලෙවි ඉලක්කයන් හා සාර්ථක අලෙවි වර්ධනයක් වෙනුවෙන් ගමන් කිරීම සදහා වන අදහස් හා යෝජනා පිළිබදවත්, පසුගිය වසරේ අලෙවියෙහි ප්‍රගතීන් පිළිබඳවත් සාකච්ජා කෙරෙන අලෙවි සමාලෝචන රැස්වීම පසුගිය 2022.01.05 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී සිදුවිය.

මෙම අවස්ථාව සදහා  සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අභිනව සභාපති අජිත් නාරගල මහතා, සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුළු සහකාර සාමාන්‍යාධිකාරීවරුන්ද සහභාගී විය. දිවයින පුරා අලෙවි බලකාය මෙහෙයවන කළාප කළමනාරුවන් ඇතුළු ක්ෂේත්‍ර අලෙවි ප්‍රවර්ධන නිළධාරීන්ද මෙම අවස්ථාව සදහා සහභාගී විය.

අභියෝගමත් පසුගිය වසර දෙකක කාලය තුළ අප්‍රහිත ධෛර්යයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමගින් අත්වැල් බැද සිටීම වෙනුවෙනුත් , පසුගියදා සිදුකළ කප්රුක ටිකට්පත් මිලියන 04 ඉක්මවන අලෙවිය වෙනුවෙනුත් කේෂත්‍ර  නිළධාරීන්ට හා  අලෙවි ජාලය වෙත ස්තූතිවන්ත වූ සභාපතිතුමන් 2022 වර්ෂය වඩාත් සාර්ථක මෙන්ම අලෙවි ඉලක්කයන් කරා ළගා වන වඩාත් ඵලදායි එකක් කර ගැනීම පිළිබදව අදහස් ඉදිරිපත් කරන ලදී. අනාගතය ජය ගැනීම වෙනුවෙන් සියල්ලන්ම එකාවන්ව තම දායකත්වය ලබාදීමේ වැදගත්කම පිළිබදවද එතුමන් විසින් වැඩි දුරටත් පෙන්වා දුනි.

ඒ ඒ දිස්ත්‍රික්කයන්හි අලෙවි සමාලෝචනයන් ඉදිරිපත් කිරීම කේෂත්‍ර ප්‍රවර්ධන නිළධාරීන් විසින් සිදුකළ අතර ඒ සියල්ලන්ම ආමන්ත්‍රණය කරමින්  වඩාත් සාර්ථක ගමනක් යාමට සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා විසින්ද අදහස් ඉදිරිපත් කිරීම එහිදී සිදුවිය.

 



විශේෂාංග පුවත්