සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

මහරගම අපේක්ෂා රෝහලට සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් මනුසත් මෙහෙවරක්!

11-January-2022

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සේවය කර මේ වන විට මියගොස් සිටින සේවක මහත්ම මහත්මීන් වෙනුවෙන් පුණ්‍යාණුමෝදනා කිරීමේ අරමුණින් මහරගම අපේක්ෂා රෝහල වෙත අත්‍යාවශ්‍ය ඖෂධ ලබාදීම 2022.01.06 වන දින සිදුකරන ලදී. 

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සොෆ්ට් හාට් පදනම හා කාර්ය මණ්ඩලයේ එකමුතු දායකත්වයෙන්  මෙම දානමය පින්කම සිදුකරන ලදී. 

මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් ගුණරත්න නාරගල මහතා, සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුළු නිළධාරීන් සහ කාර්ය මණ්ඩලයේ සමාජිකයින් සහභාගී විය.



සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ තවත් දස ලක්ෂපති ජයග්‍රාහකයින් පිරිසකට චෙක්පත් පිරිනැමේ

27-March-2021

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ තවත් දස ලක්ෂපති ජයග්‍රාහකයින් පිරිසකට චෙක්පත් පිරිනැමේ

සංවර්ධන ලොතරැයි පවුලේ ලොතරැයිපත් හරහා බිහිවූ දස ලක්ෂපති ජයග්‍රාහකයින් දහතුන් දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම පසුගියදා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂිකා නීතිඥ ජැනට් ජයවර්ධන මහත්මිය අතින් සිදුවිය.

 

...

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සුපිරි කෝටිපති ජයග්‍රාහකයින් පස්දෙනෙක්ට අගමැතිතුමන් අතින් චෙක්පත් පිරිනැමේ

15-March-2021

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සුපිරි කෝටිපති ජයග්‍රාහකයින් පස්දෙනෙක්ට අගමැතිතුමන් අතින් චෙක්පත් පිරිනැමේ

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක,සංවර්ධන වාසනාව හා ශනිදා යන ලොතරැයිපත් හරහා බිහිවූ සුපිරි කෝටිපති ජයග්‍රාහකයින් පස් දෙනෙක් සදහා චෙක්පත් ප්‍රදානය කිරීම 2021.03.12 වන දින ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක...

විශේෂාංග පුවත්