සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහි කළ ජයග්‍රාහකයින් 59 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය -2025/10/31

03-November-2025

සංවර්ධන ලොතරැයිපත් අතරින් බිහිවූ ජයග්‍රාහකයින් 59 දෙනෙක් සදහා අදාළ චෙක්පත් පිරිනැමීම 2025.10.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී.

මෙහිදී අදකෝටිපති ලොතරැයියේ සුපිරි ජයමල්ල රු.91,559,483/- දිනූ ජයග්‍රාහකයාටත්, කප්රුක ලොතරැයියේ සුපිරි ජයමල්ල රු.10,000,000/- දිනූ ජයග්‍රාහකයාටත් ,ලග්න වාසනාවේ සුපිරි ජයමල්ල රු.9,179,313/- දිනූ වාසනාවන්තයාටත්,ලග්න වාසනාවේම සුපිරි ජයමල්ල රු. 5,093,832/- දිනූ වාසනාවන්තයාටත් ,සුපිරි ධන සම්පත ලොතරැයියේ විසිපන් ලක්ෂයේ වාසනාවන්තයින් හය දෙනාටත් චෙක්පත් ප්‍රදානය කරන ලදි.

ඊට අමතරව විසි ලක්ෂයේ ජයග්‍රාහකයින් 30 දෙනෙක් සදහාත්  හා දස ලක්ෂයේ ජයග්‍රාහකයින් 19 දෙනෙක් සඳහාත් චෙක්පත් ප්‍රදානය කරන ලදි. 

ඒ අනුව සංවර්ධන ලොතරැයිපත් තුළින් දිවයින පුරා විසිරී සිටින ජයග්‍රාහකයින් 59 දෙනෙකු අතර  බෙදාදුන් සමස්ත ත්‍යාග මුදලේ වටිනාකම රු. 209,832,628/-කි.



සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහි කළ තවත් ජයග්‍රාහකයින් රැසකට චෙක්පත් පිරිනැමේ..

18-October-2024

සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහි කළ තවත් ජයග්‍රාහකයින් රැසකට චෙක්පත් පිරිනැමේ..

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමගින් එක්ව ජීවිතය දිනූ තවත් ජයග්‍රාහකයින් 31 දෙනෙක් සදහා චෙක්පත් චෙක්පත් ප්‍රදානය කිරීමත් ,එම ජයග්‍රාහී ලොතරැයිපත් අලෙවි කළ අලෙවි නියෝජිත මහත්ම/ මහත්මීන් සඳහා චෙක්පත් සහ සහතිකපත් ප්‍රදානය කිරීමත් 2024.10.16 දින සංවර්ධන ලොතරැයි ම...

විශේෂාංග පුවත්