සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

රුහුණු මහා කතරගම පෙරහැරට සංවර්ධන ලොතරුයි මණ්ඩලයෙන් අනුග‍්‍රහයක්

26-September-2018

රටට වාසනාව ගෙන එන ගමන් රටේ ආගමික,සංස්කෘතික හා සමාජීය මෙහෙවරයන් උදෙසා අනුග‍්‍රාහකත්වය ලබා දෙන සංවර්ධන ලොතරැයි මණ්ඩලය පසුගියදා තවත් එවැනි මහගු සත්කාරයක් වෙනුවෙන් තම දායකත්වය ලබා දෙන ලදී.

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ 2018 වාර්ෂික ඇසළ මහෝත්සවය සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් අනුග‍්‍රාහකත්වයක් ලබා දුන් අතර ඊට අදාළ චෙක්පත් ප‍්‍රදානය පසුගියදා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේදී සිදුවිය.

 සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා විසින් අදාළ චෙක්පත කතරගම දේවාලයේ වැඩබලන බස්නායක නිළමේ  දිල්රුවන් රාජපක්ෂ මහතා වෙත ප‍්‍රදානය කරන ලදී. මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ක‍්‍රියාකාරී අධ්‍යක්ෂ එච් ආර් විමලසිරි මහතා හා සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න යන මහත්වරුන් සහභාගී විය.


මත්ද‍්‍රව්‍ය නිවාරණය කිරීමේ ජාතික වැඩසටහනට සංවර්ධන ලොතරැයි මණ්ඩලයත් එකතු වෙයි.

11-April-2019

මත්ද‍්‍රව්‍ය නිවාරණය කිරීමේ ජාතික වැඩසටහනට සංවර්ධන ලොතරැයි මණ්ඩලයත් එකතු වෙයි.

අතිගරු ජනාධිපතිතුමාගේ මෙහෙයවීමෙන්  කි‍්‍රයාත්මක වන මතින් නිදහස් රටක් යන මත්ද‍්‍රව්‍ය නිවාරණය ජාතික වැඩසටහන මේ වන විට දිවයින පුරාම කි‍්‍රයාත්මක කරමින් යනු ලබයි .

මෙම වැඩසටහනට සමගාමීව දිවයිනේ සියලුම ර...

“අද කෝටිපති” සුපිරි ජයමල්ල දිනූ ජයග‍්‍රාහකයින්ට සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් චෙක්පත්

10-April-2019

“අද කෝටිපති” සුපිරි ජයමල්ල දිනූ ජයග‍්‍රාහකයින්ට සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් චෙක්පත්

මේ වන විට කෝටිපතියන් පහළොස් දෙනෙක් බිහිකළ “අද කෝටිපති” ලොතරැයියේ  දාහතර වන සහ පහළොස් වන කෝටිපති ජයග‍්‍රාහකයින්ට හිමි චෙක්පත් ප‍්‍රදානය 2019.04.08 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ  ශ‍්‍රවණාගාරයේදී සිදුවිය.

Read More

විශේෂාංග ලිපි