සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සුපිරි ජයග්‍රාහකයින් තිදෙනෙක් සමගින් තවත් ජයග්‍රාහකයින් හතලිස් හය දෙනෙක් මෙවර සංවර්ධන ලොතරැයි මණ්ඩලයේදි ත්‍යාග ලබයි.

28-August-2019

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් විශ්වාසයෙන් මිළදී ගෙන වාසනාවන්තයින් බවට පත්වූ ජයග්‍රාහකයින් හතලිස් නව දෙනෙක් සදහා අදාළ චෙක්පත් ප්‍රදානය 2019.08.20 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී සිදුවිය.

එක් මසක් ඇතුළත ලග්න වාසනාව බිහිකළ සුපිරි ජයග්‍රාහකයින් තිදෙනාටම අදාළ චෙක්පත් පිරිනැමීම එහිදී සිදුවිය.

එහිදී ලග්න වාසනාව 2577 වන වාරයේ සුපිරි ජයමල්ල රු.3,744,332 ක මුදල දිනාගත්  පුවක්පිටිය එස් ආනන්ද මහතාට ලග්න වාසනාව 2562 වන වාරයේ සුපිරි ජයමල්ල වූ රු.2,725,216 ක මුදල දිනාගත් දෙල්ගොඩ ආර්.ඩී.එස්.කුමාරට සහ ලග්න වාසනාව 2563 වන වාරයේ සුපිරි ජයමල්ල රු.2,000,000 ක මුදල දිනාගත් කන්කසන්තුරේ  ජී.නිදූසන් මහතාට අදාල චෙක්පත් පිරිනැමීම සිදුකරන ලදී.

තවද දස ලක්ෂයේ මුදල් ත්‍යාග දිනූ ජයග්‍රාහකයින් හතලිස් දෙදෙනෙක් සදහා අදාළ චෙක්පත් ප්‍රදානය කිරීම සිදුවූ අතර අද කෝටිපති විශේෂ දිනුම් ඇදීමේ වාරය හරහා විගෝ මෝටර් රථය දිනාගත් ජයග්‍රාහකයාට සහ යතුරු පැදි දිනාගත් ජයග්‍රාහකයින් තිදෙනෙක් සදහාත් අදාළ යතුරු පිරිනැමීම සිදුවිය.

මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා ක්‍රියාකාරී අධ්‍යක්ෂ එච්.ආර්.විමලසිරි මහතා ඇතුලු නිළධාරීන් සහභාගී විය.



ලග්න වාසනාව “සුපිරි ධන යෝගයේ” බැලීනෝ මෝටර් රථය මාවනැල්ලේ නවරත්න මහතාට

01-July-2020

ලග්න වාසනාව “සුපිරි ධන යෝගයේ” බැලීනෝ මෝටර් රථය මාවනැල්ලේ නවරත්න මහතාට

ලග්න වාසනාව “සුපිරි ධන යෝගය” විශේෂ දිනුම් ඇදීමේ වාරයේ ප්‍රථම ත්‍යාගය       රු. 47,25,000.00 ක් වටිනා බැලීනෝ මෝටර් රථය දිනාගත් මාවනැල්ල ප්‍රදේශයේ ඩී.එම්.ඒ.නවරත්න මහතාට එම මෝටර් රථය ප්‍රදානය...

ජූනි මාසය තුළ පමණක් සුපිරි ජයග්‍රාහකයින් හයදෙනෙක් සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන්

25-June-2020

ජූනි මාසය තුළ පමණක් සුපිරි ජයග්‍රාහකයින් හයදෙනෙක් සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන්

පශ්චාත් කොරෝනා සමයක සියලු අභියෝග පරදා ජූනි මාසය වාසනාවේ මාසය බවට පත් කරමින් සුපිරි ජයග්‍රාහකයින්ම හය දෙනෙක් බිහිකිරීමට සංවර්ධන ලොතරැයි ලොතරැයි මණ්ඩලය සමත් වී ඇත.

අවශ්‍යම මොහොතක තම පාරිභෝගිකයින් ජයග්‍රාහණය කරවමින් ජූනි මස 11 වන දින සිට එක පෙළට කෝටිපතියන් ලක්ෂපතියන් බිහිකිරීමට හ...

විශේෂාංග පුවත්