සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

"සංවර්ධන අභිමන් 2022” මාතර දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව

28-February-2022

"සංවර්ධන අභිමන් 2022” මාතර දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව 2022 පෙබරවාරි මස 27  වන දින මාතර ග්‍රෑන්ඩ් නැව්රෝ හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමා,මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නිපුණ රණවක මැතිතුමා , ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ  ගරු සභාපති/ප්‍රධාන විධායක නිලධාරි අජිත් ගුණරත්න නාරගල මැතිතුමා සහ එහි සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා යන අයත් මාතර මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් සම්භාවනීය අමුත්තන් රැසක්ද එම අවස්ථාව සදහා සහභාගී විය.

2022 වර්ෂයේදී මාතර දිස්ත්‍රික්කයේ ලොතරැයිපත් අලෙවිය වර්ධනය කර ගැනීම සඳහා නව යෝජනා වැඩසටහන් ඇතුළු විවිධ ක්‍රමෝපායන් පිළිබඳ සාකච්ඡා කිරීම මෙහිදී සිදුවූ අතර අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් අගයමින් විශේෂිත ත්‍යාග ප්‍රදානයන් ද සිදු කරන ලදී.



ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

17-July-2026

...

විශේෂාංග පුවත්