සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

ඔබේ ජීවිතය දිනවන අපේ නියමුවෝ ..

05-December-2019

ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයිය කියලා ඇහෙද්දි ඕනෑම කෙනෙක්ට හිතෙන්නේ සංවර්ධන ලොතරැයියෙන් ජීවිතේ එළිය වෙන්නේ ලොතරැයි මිලදී ගන්න අයගේ විතරයි කියලා. ඒත් ඇත්තටම සංවර්ධන ලොතරැයිය නිසා ජීවිතයම එළිය කරගත්ත විශාල පිරිසක් අදටත් සංවර්ධන ලොතරැයි මණ්ඩලය එක්ක අත්වැල් බැදගෙන ඉන්නවා.

මේ එවන් පරමාදර්ශී චරිතයන් ද්විත්වයකි.

පානදුර දිස්ත්‍රික් බෙදාහැරීමේ අලෙවි නියෝජිත ලලිත් ප්‍රනාන්දු මහතා සංවර්ධන ලොතරැයි මණ්ඩලය පිළිබදව තම හඩ අවදි කලේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය මෙලෙස තමන් සොයා පැමිණ ලබාදුන් අගය කිරීම වෙනුවෙන්ද ස්තූතිපූර්වක වෙමිනි.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය ජීවිතයේ හැරවුම් ලක්ෂයයි

රාජ්‍ය ආයතනයක සේවය කරමින් සිට එයින් ස්වෙච්ජාවෙන්ම ඉවත් වූ ලලිත් ප්‍රනාන්දු මහතා තම ඉදිරි ජීවනෝපාය ලෙස තෝරාගන්නේ ලොතරැයි ව්‍යාපාරයයි.එය අභියෝගයක් වුවත් ලොතරැයි ව්‍යාපාරය තම ජීවිතයට වාසනාව රැගෙන ආ හැරවුම් ලක්ෂය බව ඔහු සදහන් කළේය.

විශාල අලෙවි ජාලයක්

අලෙවි නියෝජිතවරු 48ක් සහායකවරුන් 112 ක් වගේම තමන් යටතේ සේවකයින් 34 දෙනෙක්ද තම  කාර්යාලයේ සේවකයින් 08 ක්ද සේවය කරන බවත් එවන් විශාල පිරිසකගේ ජීවිත වලට ශක්තියක් වීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය හරහා තමන්ට හැකියාව ලැබීමද භාග්‍යයක් බව ඔහු සදහන් කළේය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය ගෞරවණීයයි

ජන ජීවිතවලට ගෙන එන වාසනාව වගේම ජනාධිපති අරමුදලට  ලාභයන් ලබාදීමෙන් සිදුකරනු ලබන මෙහෙවර හේතුවෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලය යනු ගෞරවණීය ආයතනයක් බවත් එහි කොටස්කරුවෙක් වීමට ලැබීමද ඉමහත් සතුටක් බව ඔහු ප්‍රකාශ කළේය.

විශ්වාසය හා අවබෝධය ලොතරැයි ව්‍යාපාරයේ පදනමයි

ලොතරැයි ව්‍යාපාරය හා එක්වන්නෙක්ට එහි සාර්ථකත්වයේ බොහෝ දුර යෑමට ඉඩ හසර ඇති බවත් ඒ සදහා අවශ්‍ය වන්නේ මේ ව්‍යාපාරයේ හතර කොන හදුනාගෙන ලැබෙන අවබෝධයත් ලොතරැයි ව්‍යාපාරයට සම්බන්ධ පාර්ශවයන් සමග පවත්වා ගෙනයා යුතු විශ්වාසයත් යන කාරණාවන් දෙක බව ඔහු හෙළි කළේය.

අලෙවි නියෝජිතයින් සමග ඇත්තේ කිට්ටු සම්බන්ධතාවයක්

අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සමග විශ්වාසයෙන් හා සුහදව කටයුතු කිරීම තම ව්‍යාපාර කලාව බව පෙන්වාදුන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ පානදුර නගරයෙන් දුර බැහැර ප්‍රදේශවල පවා අලෙවි නියෝජිතයින් තමා සොයා එන බවයි.  ඔවුන්ගේ ආපදාවකදී , මුදල් හදිස්සියකදී තමන් ඔවුනට පිහිට වන බවත් ඇතැම් අපහසු අවස්ථාවලදී අදාල අලෙවි නියෝජිතයින් වෙත ටිකට් ලගටම ගොස් ලබාදෙන බවද ඔහු මතක් කර සිටියේය.

තරුණ පරපුරට මහගු අවස්ථාවක්

රැකියාවක් නොමැති එසේත් නැතිනම් ස්වාධීනව රැකියාවක් කර ඉදිරියට යෑමට අපේක්ෂා කරන්නෙකුට ලොතරැයි ව්‍යාපාරය හොදම අවස්ථාවක් බව පෙන්වා දුන් ලලිත් ප්‍රනාන්දු මහතා තම ආර්ථිකය ශක්තිමත් කර ගැනිමට හොදම මගක් ලෙස සමාජයට ලොතරැයි ව්‍යාපාරය නිර්දේශ කලේය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගමන විශිෂ්ටයි.

ජනාධිපති අරමුදලට ,මහපොළ ශිෂ්‍යත්වයට දායක වෙමින් මෙරට සිය දහසකට රැකියා අවස්ථා උදාකරමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලය යන ගමන විශිෂ්ට බවත් එහි කොටස්කරුවෙක් ලෙස අභිමානයෙන් ඉදිරියටත් රැදී සිටින බවත් ප්‍රනාන්දු මහතා ස්තූතිපූර්වකව සදහන් කලේය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වැඩිම අලෙවියක් සිදුකරන අලෙවි නියෝජිතයින් අතරින් ‌දෙවන ස්ථානය හිමි කරගෙන සිටින අනුරාධපුර අලෙවි නියෝජිත කේ.ජී.වික්‍රමසිංහ මහතාද එදා මෙදාතුර ගමනේ මතකය අවදි කළේ මේ ආකාරයෙන්ය.

සංවර්ධන ලොතරැයි මණ්ඩය සමගින් අත්වැල් බැදගෙන දැනට අවුරුදු 25ක්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිතවරයෙක් ලෙස වසර 25කට පෙර සම්බන්ධ වූ වික්‍රමසිංහ මහතා අනුරාධපුරය වැනි ජනගහනය අඩු දිස්ත්‍රික්කයක ලොතරැයි අලෙවිය භාර ගැනීම අභියෝගයක් වුවත් ඔහු එම අභියෝගය ජයගනිමින් අද සාර්ථකත්වයේ හිණිපෙත්තට ළගාවූවෙකි.

ලංකාවේ වැඩිම අලෙවියක් සිදුකරන අලෙවි නියෝජිතයින් අතර දෙවැනියා

අඩු ජනගහනයක් සහිත අනුරාධපුර නගරයේ අලෙවි වර්ධනය සදහා නොයෙක් සති පොළවල් වෙත ගොස් ලොතරැයි අලෙවි කරමින් පාරිභෝගික විශ්වාසය ගොඩනංවා ගත් වික්‍රමසිංහ මහතා ඒ වෙනුවෙන් විවිධ උපක්‍රමයන් අනුගමනය කර ඇත. දිනුම් මුදල් එවෙලෙහිම ජයග්‍රාහකයින් වෙත ලබාදීම,එය ප්‍රසිද්ධියට පත්කිරීම ,නව අලෙවි සහයකයින් බදවා, අනුරාධපුර නගරය පුරා නව අලෙවි කුටි ස්ථාපිත කිරීම ඒ අතරින් කිහිපයකි.

ලොතරැයි ව්‍යාපාරය මගේ පවුලේ ව්‍යාපාරයක්.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමගින් සිදුකරන්නාවූ ව්‍යාපාර කටයුතු තම බිරිදගේත් දියණියන් තිදෙනාගේ දායකත්වයෙන් හා  සහයෝගයෙන් කරගෙන යනු ලබන්නක් බවත් ඒ නිසාම එය දැන් පවුලේ ව්‍යාපාරයක් බවත් ඔහු  ප්‍රකාශ කළේය.

උත්සාහවන්තයින්ට ගැළපෙනම ව්‍යාපාරය 

තම උත්සාහයේ  ධාරිතාවය අනුව සාර්ථකත්වයේ ප්‍රමාණය තීරණය වන බවත් ස්ව උත්සාහයෙන් නැගී සිටින්නන්ට ලොතරැයි ව්‍යාපාරය තරම් තවත් ගැළපෙන ව්‍යාපාරයක් නොමැති බවත් ඔහු සදහන් කළේය.

කවදාවත් වර්ජනය කරලා නෑ

වික්‍රමසිංහ මහතා සංවර්ධන ලොතරැයි මණ්ඩලයට තමන් බෙහෙවින්ම ගරු කරන බවත් කිසිදු දිනක මණ්ඩලයට විරුද්ධව වර්ජනයන්හි නිරත වී නොමැති බවත් අභිමානයෙන් යුතුව සිහිපත් කළේය. ලොතරැයි මණ්ඩලය වැටුණොත් අපිත් වැටෙනවා යන බුද්ධිමත් හේතුඵල සබැදියාව හදුනාගෙන සිටින ඔහු සංවර්ධන ලොතරැයි මණ්ඩලය වෙත තම උපරිම කෘතගුණවේදීත්වය දක්වා සාකච්ජාව නිමකළේය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය වෙනුවෙන් බොහෝදේ කරමින් අපට ශක්තියක් වන මොවුන් දෙපළ අදත් හෙටත් මතුවටත් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ආදර ගෞරවයට පාත‍්‍රවන බව කිවයුතුය.

 

අචලා පියරත්න



විශේෂාංග පුවත්