සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ DLB සත්කාර වෛද්‍ය කදවුරැ මාලාවේ පස්වන කදවුර මහනුවරට

17-September-2019

සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් DLB සත්කාර යන තේමාව යටතේ අලෙවි නියෝජිත අලෙවි සහයක මහත්ම මහත්මීන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන වෛද්‍ය කදවුරු මාලාවේ පස්වන වෛද්‍ය කදවුර මහනුවර දිස්ත්‍රික්කය සදහා පසුගිය සැප්තැම්බර් 13 වන දින  ක්‍රියාත්මක කරන ලදී.

රැධිර පරීක්ෂාව සහ ඒ හරහා හදුනාගත් රෝග සදහා ප්‍රතිකාර අක්ෂි පරීක්ෂාව සහ ඇස් කණ්නාඩි ලබාදීම වෙනත් රෝගාබාධයන් පරීක්ෂා කොට වෛද්‍ය උපදෙස් සමගින් ඖෂධ ලබාදීම යන කටයුතු එහිදී සිදුවිය.

මෙම වෛද්‍ය කදවුර සදහා මහනුවර දිස්ත්‍රික්කයේ අලෙවි නියෝජිත අලෙවි සහයක මහත්ම මහත්මීන් දාහකට වඩා වැඩි පිරිසක් සහභාගී වූ අතර මෙවන් සමාජ සත්කාරයක් සිදුකිරීම පිළිබදව ඔවුන්ගේ නිරන්තර ප්‍රසංසාවද සංවර්ධන ලොතරැයි මණ්ඩලයට හිමිවිය.

මෙම වෛද්‍ය කදවුර සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) විජිතා සෝමරත්න මෙනවිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී(අලෙවි) චානක දොඩංගොඩ මහතා මහනුවර කලාප කළමනාකරු සුනිල් රත්නායක මහතා ඇතුලු පිරිස සහභාගී විය.

 



ලග්න වාසනාව “සුපිරි ධන යෝගයේ” බැලීනෝ මෝටර් රථය මාවනැල්ලේ නවරත්න මහතාට

01-July-2020

ලග්න වාසනාව “සුපිරි ධන යෝගයේ” බැලීනෝ මෝටර් රථය මාවනැල්ලේ නවරත්න මහතාට

ලග්න වාසනාව “සුපිරි ධන යෝගය” විශේෂ දිනුම් ඇදීමේ වාරයේ ප්‍රථම ත්‍යාගය       රු. 47,25,000.00 ක් වටිනා බැලීනෝ මෝටර් රථය දිනාගත් මාවනැල්ල ප්‍රදේශයේ ඩී.එම්.ඒ.නවරත්න මහතාට එම මෝටර් රථය ප්‍රදානය...

ජූනි මාසය තුළ පමණක් සුපිරි ජයග්‍රාහකයින් හයදෙනෙක් සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන්

25-June-2020

ජූනි මාසය තුළ පමණක් සුපිරි ජයග්‍රාහකයින් හයදෙනෙක් සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන්

පශ්චාත් කොරෝනා සමයක සියලු අභියෝග පරදා ජූනි මාසය වාසනාවේ මාසය බවට පත් කරමින් සුපිරි ජයග්‍රාහකයින්ම හය දෙනෙක් බිහිකිරීමට සංවර්ධන ලොතරැයි ලොතරැයි මණ්ඩලය සමත් වී ඇත.

අවශ්‍යම මොහොතක තම පාරිභෝගිකයින් ජයග්‍රාහණය කරවමින් ජූනි මස 11 වන දින සිට එක පෙළට කෝටිපතියන් ලක්ෂපතියන් බිහිකිරීමට හ...

විශේෂාංග පුවත්