සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

නිවේදනය කුසලතා වර්ධන පුහුණු වැඩමුළුව දෙවන කණ්ඩායමටත්

26-September-2019

සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම ලොතරැයි  දිනුම් ඇදීමේ නිවේදක නිවේදිකාවන් වෙනුවෙන් දින පහක පුහුණු වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු කළ අතර එහි නිමාව පසුගියදා සිදුවිය.

සියලුම නිවේදක නිවේදිකාවන් සහභාගී කරවමින් කණ්ඩායම් දෙකක් වශයෙන් පැවැත්වූ මෙම පුහුණු වැඩමුළුව සදහා පහළොස් දෙනෙකුගෙන් යුත් දෙවන කණ්ඩායම සහභාගී කරවීම සැප්තැම්බර් 13 වනදා සිට 17 වනදා දක්වා සිදුකරන ලදී.

පළමු කණ්ඩායම් වැඩසටහන පසුගිය අගෝස්තු මස සිදුවිය.

ප්‍රවීණ රංගන ශිල්පීනී අනෝජා වීරසිංහ මහත්මිය විසින් මෙහෙයවනු ලැබූ මෙම පුහුණු වැඩමුළුව බෙල්ලන්විල අභින යෝගා ආශ්‍රමයෙහි පැවැත්විණි.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමගින් එක්ව සිටින සියලුම නිවේදක නිවේදිකාවන්ගේ නිවේදන හැකියාවන් හා කුසලතාවයන් වැඩි දියුණු කර ගැනීමට අත්වැලක් ලබාදීම මෙම වැඩසටහනෙහි ප්‍රධාන අරමුණයි.



විශේෂාංග පුවත්