සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

“DLB සත්කාර” වෛද්‍ය කදවුර මාලාවේ අට වන වෛද්‍ය කදවුර නුවරඑළියේදී

14-November-2019

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිත අලෙවි සහායක මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන “ DLB සත්කාර ” වෛද්‍ය කදවුරු මාලාවේ අටවන වෛද්‍ය කදවුර නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා 2019.11.10 වන දින නුවරඑළිය නගරයේදී පවත්වන ලදී.

මෙම වෛද්‍ය කදවුර සදහා 400කට ආසන්න පිරිසක් සහභාගි වූ අතර එහිදී වෛද්‍ය පරීක්ෂණ හා වෛද්‍ය උපදෙස් සමගින් ඖෂධ ලබාදීමත් අක්ෂි පරීක්ෂාව සමගින් ඇස් කණ්ණාඩි ලබාදීමත් සිදුවිය.

මේ සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා,නුවරඑළිය කලාප කළමනාකරු උපාලි සමන්කුමාර මහතා සහ කොළඔ දිස්ත්‍රික් කලාප කළමනාකරු චින්තක අයිලප්පෙරුම යන අය සහභාගී විය.



විශේෂාංග පුවත්