සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

ලග්න වාසනාව සුපිරි ධන යෝගය විශේෂ දිනුම් ඇදීමේ සුපිරි වීගෝ මෝටර් රථය අම්බලන්තොටට

05-December-2019

ලග්න වාසනාව ලොතරැයියේ " සුපිරි ධන යෝගය” විශේෂ දිනුම් ඇදීමේ පළමු ත්‍යාග වූ සුපිරි වීගෝ මෝටර් රථය දිනා ගැනීමට අම්බලන්තොට ප්‍රදේශයේ පී.වී. වර්ණසීලී මහත්මිය සමත් වී ඇත.  ඇයට එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවිකර තිබුණේ හම්බන්තොට අලෙවි නියෝජිත එච්.ආර්.චාන්දනී මහත්මියයි.

වර්ණසීලී මහත්මියට අදාළ මෝටර් රථය ප්‍රදානය කිරීම 2019.12.04 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේදී සිදුවිය.

එම අවස්ථාවට සමගාමීව සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් බිහිවූ තවත් දස ලක්ෂයේ ජයග්‍රාහකයින් 26 දෙනෙක්ට සහ යතුරු පැදි දිනූ ජයග්‍රාහකයින් දෙදෙනෙක් සදහා අදාළ ත්‍යාග සහ චෙක්පත් ප්‍රදානයද සිදුකරන ලදී.

එම අවස්ථාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වැඩබලන සභාපති දිලිප් සිල්වා මහතා, සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) චානක දොඩන්ගොඩ මහතා ඇතුලු නිළධාරීන් සහභාගී විය.



ලග්න වාසනාව “සුපිරි ධන යෝගයේ” බැලීනෝ මෝටර් රථය මාවනැල්ලේ නවරත්න මහතාට

01-July-2020

ලග්න වාසනාව “සුපිරි ධන යෝගයේ” බැලීනෝ මෝටර් රථය මාවනැල්ලේ නවරත්න මහතාට

ලග්න වාසනාව “සුපිරි ධන යෝගය” විශේෂ දිනුම් ඇදීමේ වාරයේ ප්‍රථම ත්‍යාගය       රු. 47,25,000.00 ක් වටිනා බැලීනෝ මෝටර් රථය දිනාගත් මාවනැල්ල ප්‍රදේශයේ ඩී.එම්.ඒ.නවරත්න මහතාට එම මෝටර් රථය ප්‍රදානය...

ජූනි මාසය තුළ පමණක් සුපිරි ජයග්‍රාහකයින් හයදෙනෙක් සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන්

25-June-2020

ජූනි මාසය තුළ පමණක් සුපිරි ජයග්‍රාහකයින් හයදෙනෙක් සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන්

පශ්චාත් කොරෝනා සමයක සියලු අභියෝග පරදා ජූනි මාසය වාසනාවේ මාසය බවට පත් කරමින් සුපිරි ජයග්‍රාහකයින්ම හය දෙනෙක් බිහිකිරීමට සංවර්ධන ලොතරැයි ලොතරැයි මණ්ඩලය සමත් වී ඇත.

අවශ්‍යම මොහොතක තම පාරිභෝගිකයින් ජයග්‍රාහණය කරවමින් ජූනි මස 11 වන දින සිට එක පෙළට කෝටිපතියන් ලක්ෂපතියන් බිහිකිරීමට හ...

විශේෂාංග පුවත්