සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

ලග්න වාසනාව සුපිරි ජයග්‍රාහකයින් දෙදෙනෙක්ට සහ තවත් දස ලක්ෂපතියන් විසිඑක් දෙනෙක්ට සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් චෙක්පත්

02-January-2020

සංවර්ධන ලොතරැයි මණ්ඩලය නොවැම්බර් මාසයේ අග සතියෙහි හා දෙසැම්බර් මුල් සති දෙක ඇතුළත බිහිකරන ලද ජයග්‍රාහකයින් සදහා අදාළ චෙක්පත් ලබාදීම 2019.12.30 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී සිදුකරන ලදී.

එහිදී ලග්න වාසනාව ලොතරැයියේ 2705 වන වාරයේ සුපිරි ජයමල්ල රු.4803730 ක මුදල දිනාගත් වැලිගත්ත ප්‍රදේශයේ ඒ.ආර්.ඒකනායක මහතාට අදාළ චෙක්පත ප්‍රදානය කිරීම සිදුවිය. එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කළ කොල්ලුපිටිය අලෙවි නියෝජිත එච්.ඒ.වී.තෑලිස් මහතාටද චෙක්පතක් සමගින් සහතිකපතක් පිරිනමන ලදී.

ලග්න වාසනාව 2706 වන වාරයේ සුපිරි ජයමල්ල රු.2,000,000 ක මුදල දිනාගත් කේ.කේ.එස්.කුමාර මහතාටද අදාළ චෙක්පත ප්‍රදානය කිරීම සිදුවිය. එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර තිබුණේ වැල්ලම්පිටිය අලෙවි නියෝජිත එන්.එස්.ඩේන් මහත්මියයි.

මෙම සුපිරි ජයග්‍රාහකයින් දෙදෙනාත් ඇතුලුව 2019 වර්ෂය තුළ ලග්න වාසනාව බිහිකළ සුපිරි ජයග්‍රාහකයින් සංඛ්‍යාව 29 කි.

එම සුපිරි ජයග්‍රාහකයින් දෙදෙනාත් සමගින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අදකෝටිපති, ශනිදා වාසනාව, සුපර් බෝල්, කෝටිපති කප්රුක, ජයෝදා යන ටිකට්පත් හරහා බිහිවූ තවත් දස ලක්ෂපති ජයග්‍රාහකයින් 21 දෙනෙක් සදහාද චෙක්පත් ප්‍රදිනය කිරීම එදින සිදුවිය.

මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වැඩබලන  සභාපති දිලිප් සිල්වා මහතා, සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) චානක දොඩංගොඩ මහතා ඇතුළු නිළධාරීන් සහභාගී විය.



ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

31-October-2019

ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

එදා මෙදා තුර ශ්‍රි ලාංකීය ලොතරැයි ඉතිහාසයේ වැඩිම සුපිරි ජයමල්ල වෙනුවෙන් ජයග්‍රාහකයෙක් බිහි කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක ලොතරැයියට හැකියාව ලැබී ඇති බව සතුටින් දන්වා සිටිමු.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වැඩිම ආරම්...

සංවර්ධන ලොතරැයි මණ්ඩලය DLB SWEEP APP එළිදක්ව

15-October-2019

සංවර්ධන ලොතරැයි මණ්ඩලය DLB SWEEP APP එළිදක්ව

සංවර්ධන ලොතරැයි මණ්ඩල පාරිභෝගික ජනතාවගේ පහසුව උදෙසා හදුන්වා දුන් DLB Sweep App එළිදැක්වීම පසුගියදා සිදුකරන ලදී.

ලෝකයේ නව තාක්ෂණික ප්‍රවණතාවයන්ට අනුගත වෙමින් අනාගත ව්‍යාපාරික ලෝකය ජය ගැනිමටත් නව තාක්ෂනික මෙව...

විශේෂාංග පුවත්