සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

ජූනි මාසය තුළ පමණක් සුපිරි ජයග්‍රාහකයින් හයදෙනෙක් සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන්

25-June-2020

පශ්චාත් කොරෝනා සමයක සියලු අභියෝග පරදා ජූනි මාසය වාසනාවේ මාසය බවට පත් කරමින් සුපිරි ජයග්‍රාහකයින්ම හය දෙනෙක් බිහිකිරීමට සංවර්ධන ලොතරැයි ලොතරැයි මණ්ඩලය සමත් වී ඇත.

අවශ්‍යම මොහොතක තම පාරිභෝගිකයින් ජයග්‍රාහණය කරවමින් ජූනි මස 11 වන දින සිට එක පෙළට කෝටිපතියන් ලක්ෂපතියන් බිහිකිරීමට හැකිවීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයද ලද ජයග්‍රහණයක් වන්නේය.

  1. 2020.06.11 දින ලග්න වාසනාව 2828 වන වාරයේ රු.31 03 474 සුපිරි ජයමල්ල
  2. 2020.06.15 දින ශනිදා වාසනාව 3325 වන වාරයේ රු.3 99 79 235 සුපිරි ජයමල්ල
  3. 2020.06.15 දින ලග්න වාසනාව 2832 වන වාරයේ රු.23 68 674 සුපිරි ජයමල්ල
  4. 2020.06.17 දින ලග්න වාසනාව 2834 වන වාරයේ රු.21 41564 සුපිරි ජයමල්ල
  5. 2020.06.19 දින කෝටිපති කප්රුක 587 වන වාරයේ රු.8 32 29 285 සුපිරි ජයමල්ල
  6. 2020.06.22 දින සුපර් බෝල් 1163 වැනි වාරයේ රු.5 22 70 676 සුපිරි ජයමල්ල

ආදී ලෙස දිනා ගත් සුපිරි ජයග්‍රාහකයින් 06 දෙනෙක් බිහිකරන්නට සංවර්ධන ලොතරැයි මණ්ඩලය අසමසම ලෙස සමත්වී ඇත.

රටක් නගා සිටුවන්නට නිරන්තරයෙන් දායකවන අතරවාරයේදීම මේ ආකාරයෙන් අද්විතීය ලෙස එක පෙළට සුපිරි ජයග්‍රාහකයින් බිහි කිරීමට සංවර්ධන ලොතරැයි ලොතරැයි මණ්ඩලයට හැකිවීම ලොතරැයි ඉතිහාසයෙහිද සංධිස්ථානයක් වනු ඇත.

 



ලග්න වාසනාව “සුපිරි ධන යෝගයේ” බැලීනෝ මෝටර් රථය මාවනැල්ලේ නවරත්න මහතාට

01-July-2020

ලග්න වාසනාව “සුපිරි ධන යෝගයේ” බැලීනෝ මෝටර් රථය මාවනැල්ලේ නවරත්න මහතාට

ලග්න වාසනාව “සුපිරි ධන යෝගය” විශේෂ දිනුම් ඇදීමේ වාරයේ ප්‍රථම ත්‍යාගය       රු. 47,25,000.00 ක් වටිනා බැලීනෝ මෝටර් රථය දිනාගත් මාවනැල්ල ප්‍රදේශයේ ඩී.එම්.ඒ.නවරත්න මහතාට එම මෝටර් රථය ප්‍රදානය...

ජූනි 01 වනදා සිට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත් නැවතත් වෙළදපලට

28-May-2020

ජූනි 01 වනදා සිට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත් නැවතත් වෙළදපලට

කොවිඩ් -19 වසංගතය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද ලොතරැයි අලෙවිය නැවතත් ජූනි 01 වනදා සිට ආරම්භ කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය තීරණය කර ඇත.ඒ අනුව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සියලුම සන්නාමයන්ට අදාළ ලොතරැයිපත් මිළදී ගැනීමට එදින සිට පාරිභෝගිකයන්ට හැකියාව ඇත.  

අනපේක්ෂිත ලෙස 2020.03.17 දින සිට...

විශේෂාංග පුවත්