සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

අද කෝටිපති අලෙවි ප්‍රවර්ධනය වැඩසටහනේ ඉහළම අලෙවිය වෙනුවෙන් මුදල් ත්‍යාග

25-August-2020

අද කෝටිපති ලොතරැයිපතෙහි අලෙවිය වර්ධනය කර ගැනීම වෙනුවෙන් 2019 ජූලි මස සිට සැප්තැම්බර් මස දක්වා ක්‍රියාත්මක කරනු ලැබූ විශේෂ අලෙවි ප්‍රවර්ධන වැඩසටහන යටතේ මුළු දිවයිනෙන්ම වැඩිම අලෙවියක් සිදුකළ දිස්ත්‍රික් බෙදාහැරීමේ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා මුදල් ත්‍යාග ලබාදීම පසුගිය අගෝස්තු 10 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේදී  සිදුකරන ලදී.

අදාල ප්‍රවර්ධන වැඩසටහනෙහි ජයග්‍රාහකයින් සදහා බැංකොක් සවාරියක් ලබාදීමට යෝජිතව තිබුණද ලෝකයේ පවතින වර්තමාන කොවිඩ් - 19 උවදුරු තත්ත්වය හේතුකොට ගෙන එම සවාරිය සදහා වෙන් කළ පිරිවැය මුදල්මය වශයෙන් ජයග්‍රාහකයින්ට ලබාදිමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය කටයුතු කරනු ලැබීය.

ඒ අනුවඅද කෝටිපතිඅලෙවියෙහි,

එම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුළු නිළධාරීන් සහභාගී විය.



අද කෝටිපති බිහිකළ සුපිරි කෝටිපති ජයග්‍රාහකයාට චෙක්පත ප්‍රදානය කිරීම.

01-August-2020

අද කෝටිපති බිහිකළ සුපිරි කෝටිපති ජයග්‍රාහකයාට චෙක්පත ප්‍රදානය කිරීම.

අද කෝටිපති 973 වන වාරයේ සුපිරි ජයමල්ල  - 6,80,31,450/- මුදල දිනාගත් ජයග්‍රාහකයා වූ  කඩවත  ඩබ්.ජී.සංජීව මහතාට අදාළ චෙක්පත ප්‍රදානය කිරීම  2020.07.27 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ජගත් පී විජේවීර මහතා අතින් සිදුවිය.

Read More

විශේෂාංග පුවත්