සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

“සංවර්ධන අභිමන් 2022” බදුල්ල දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව

08-March-2022

සංවර්ධන අභිමන් 2022” බදුල්ල දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව 2022 මාර්තු මස 06  වන දින බදුල්ල හෙරිටේජ් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාව සදහා ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ගරු සුදර්ශන දෙනිපිටිය මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මැතිතුමා, නගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරි අජිත් ගුණරත්න නාරගල මැතිතුමා සහ බදුල්ල මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා පොලිසිය, නියෝජනය කරමින් ඉහළ නිලධාරීන් මෙන්ම  සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

2022 වර්ෂයේදී බදුල්ල දිස්ත්‍රික්කයේ ලොතරැයිපත් අලෙවිය වර්ධනය කර ගැනීම සඳහා නව යෝජනා වැඩසටහන් ඇතුළු විවිධ ක්‍රමෝපායන් පිළිබඳ සාකච්ඡා කිරීම මෙහිදී සිදුවූ අතර අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් අගයමින් විශේෂිත වූ ත්‍යග,සහතික ප්‍රදානයන් ද සිදු කරන ලදී.



ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

17-July-2026

...

විශේෂාංග පුවත්