සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් කෙටි පණිවිඩයකින් හෝ USSD මගින් ඔබේ ජංගම දුරකතනයට ගෙන්වා ගැනීමට අවස්ථාවක්.

03-December-2020

ලොතරැයි අලෙවි කේෂත්‍රයට නව තාක්ෂණික අත්දැකීම් රැසක් එක් කළ සංවර්ධන ලොතරැයි මණ්ඩලය තවත් නවමු පියවරක් ලෙස තම පාරිභෝගික  මහත්ම මහත්මීන්ට ජංගම දුරකථනය හරහා කෙටි පණිවිඩයක් (SMS) මාර්ගයෙන් හෝ ඇමතුමක් (USSD)  මාර්ගයෙන් ලොතරැයි මිළදී ගැනීමේ අවස්ථාව උදාකර දීමේ මුලික නියමු පියවර අද දින (2020.12.03) සිදුකරන ලදී.

ඩයලොග් සහ මොබිටෙල් දුරකතන සම්බන්ධතා භාවිතා කරනු ලබන පාරිභෝගිකයන් සදහා දැනට මෙලෙස ජංගම දුරකතනයෙන් ලොතරැයි මිළදී ගැනීම සිදුකළ හැකි අතර ඉදිරියේදී අනෙකුත් සියලුම දුරකතන සම්බන්ධතා හිමි පාරිභෝගිකයන් සදහා මෙම අවස්ථාව හිමිකර දීමට නියමිතය.

දෙසැම්බර් මස 15 වනදායින් පසුව ජංගම දුරකතනය හරහා ලොතරැයිපත් මිළදී ගැනීමේ මෙම අවස්ථාව උදාවන අතර එහිදී ඔබට අවශ්‍ය ලොතරැයිපත් කෙටි පණිවිඩයක් හෝ දුරකතන ඇමතුමක් මාර්ගයෙන් මිළදී ගැනීමට පාරිභෝගිකයින්ට හැකියාව ඇත.

දුරකතන ඇමතුමක් මාර්ගයෙන් (USSD) ලොතරැයිපත් මිළදී ගැනීම සදහා  #611# ලෙස ඩයල් කළ යුතු අතර එහිදී ඔබ වෙත යොමුවන උපදෙස් පරිදි කටයුතු කිරීමෙන් ලොතරැයිපත් මිළදී ගත හැකිය.

ඔබ කෙටි පණිවිඩයක් (SMS) හරහා ලොතරැයිපත් මිළදී ගැනීමට අදහස් කරන්නේ නම් 611 ට  කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ලැබෙන උපදෙස් පරිදි ඉදිරියට ගමන් කිරීමෙන් ඔබේ සිතැගි පරිදි ලොතරැයි මිළදී ගැනීමේ අවස්ථාව ඇත.

මෙම සේවාව එළිදැක්වීමේ අවස්ථාව සදහා මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්.ආටිගල මහතා, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වැඩබලන සභාපති එච්.ජී.සුමනසිංහ මහතා, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුළු සම්භාවනීය අමුත්නන් සහභාගී විය.



අද කෝටිපති බිහිකළ සුපිරි කෝටිපති ජයග්‍රාහකයාට චෙක්පත ප්‍රදානය කිරීම.

01-August-2020

අද කෝටිපති බිහිකළ සුපිරි කෝටිපති ජයග්‍රාහකයාට චෙක්පත ප්‍රදානය කිරීම.

අද කෝටිපති 973 වන වාරයේ සුපිරි ජයමල්ල  - 6,80,31,450/- මුදල දිනාගත් ජයග්‍රාහකයා වූ  කඩවත  ඩබ්.ජී.සංජීව මහතාට අදාළ චෙක්පත ප්‍රදානය කිරීම  2020.07.27 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ජගත් පී විජේවීර මහතා අතින් සිදුවිය.

Read More

විශේෂාංග පුවත්