සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

ජයග්‍රාහකයින් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම

29-May-2023

ගම්පහ, කුරුණෑගල, පුත්තලම සහ කෑගල්ල දිස්ත්‍රික්කවලින් බිහි වූ ජයග්‍රාහකයින් සඳහා චෙක්පත් ප්‍රදානය සහ එම ජයග්‍රාහී ලොතරැයි පත් අලෙවි කළ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සඳහා සහතික පත් පිරිනැමීම, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ගරු ප්‍රසන්න රණතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ගම්පහ දිස්ත්‍රික් ලේකම්තුමාගේ හා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණරත්න නාරගල මැතිතුමාගේ සහභාගිත්වයෙන් 2023 මැයි මස 17 වන දින ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාර පරිශ්‍රයේ දී සිදු කරන ලදී.



අද කෝටිපති බිහිකළ සුපිරි කෝටිපති ජයග්‍රාහකයාට චෙක්පත ප්‍රදානය කිරීම.

01-August-2020

අද කෝටිපති බිහිකළ සුපිරි කෝටිපති ජයග්‍රාහකයාට චෙක්පත ප්‍රදානය කිරීම.

අද කෝටිපති 973 වන වාරයේ සුපිරි ජයමල්ල  - 6,80,31,450/- මුදල දිනාගත් ජයග්‍රාහකයා වූ  කඩවත  ඩබ්.ජී.සංජීව මහතාට අදාළ චෙක්පත ප්‍රදානය කිරීම  2020.07.27 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ජගත් පී විජේවීර මහතා අතින් සිදුවිය.

Read More

විශේෂාංග පුවත්