සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සුපිරි ජයග්‍රාහකයන්ට චෙක්පත් ප්‍රදාය කිරීම.

08-February-2024

වාසනාවේ මං පෙත් විවරකරන සංවර්ධන ලොතරැයිපත් තුලින් දිවයිනේ නන් දෙසින් බිහි වූ සුපිරි ජයමලු ඇතුලු රු.ලක්ෂ 25,ලක්ෂ 20 සහ ලක්ෂ 10 මුදල් ත්‍යාග දිනූ ත්‍යාගලාභීන් සදහා චෙක්පත් ප්‍රදානය 2024.01.26 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩල පරිශ්‍රයේදී සිදුකල අතර එම ජයග්‍රාහකයන් බිහිකල අලෙවි නියෝජිත මහතුන් සදහා චෙක්පත් සහ සහතිකපත් ප්‍රදානය කිරීම,එහි සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී චානක දොඩන්ගොඩගේ මහතා ඇතුලු කළමණාකාරීත්වයේ සහභාගීත්වයෙන් සිදු කරන ලදි.දිවයින පුරා විසිරී සිටින ජයග්‍රාහකයින් 37 දෙනෙකු අතර රු.මිලියන 60කට අධික වටිනාකමකින් යුත් චෙක්පත් බෙදාදීම සිදු කරන ලදි.



සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය

21-January-2025

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය නිමිත්තෙන්  2025.01.20 වන දින ආයතන ශ්‍රවණාගාරයේදි ධර්ම දේශනයක් පවත්වන ලද අතර පිළිකා රෝහල වෙත ඖෂධ තොගයක් පරිත්‍යාග කිරීමද සිදුකරන ලදී.

...

විශේෂාංග පුවත්