සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

ජයග්‍රාහකයින් රැසක් සදහා මුදල් ත්‍යාග පිරිනැමීම.

04-March-2024

දශක හතරක් පුරා වාසනාවේ විශ්වාස රැකගනිමින්, සිය ජාතික මෙහෙවර ඉටුකරමින් ලොතරැයිපත් අලෙවිය හරහා සුවහසක් ශ්‍රී ලාංකිකයන් වෙත ජනාධිපති අරමුදල හා මහපොල උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල් හරහා සිය දායකත්වය ලබා දෙන සංවර්ධන ලොතරැයි මණ්ඩලය, තවදුරටත් එම විශ්වාසය රැක ගනිමින් බිහිකල මිලියනපතියන්, විසිලක්ශපතියන් ඇතුලු ජයග්‍රාහකයන් රැසක් වෙනුවෙන් ඔවුන්ට හිමි මුදල් ත්‍යාග පිරිනැමීම හා එම ජයග්‍රාහකයන් බිහිකල ලොතරැයි අලෙවි නියෝජිතයන් හට සහතිකපත් ප්‍රදානය කිරීම, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණරත්න නාරගල මහතාගේ ප්‍රධානත්වයෙන් 2024 පෙබරවාරි 15 දා සංවර්ධන ලොතරැයි මණ්ඩල ශ්‍රවනාගාර පරිශ්‍රයේදී සිදු කරන ලදී.

මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුළු කළමනාකාරිත්වයේ සහභාගිත්වයෙන් සිදු කරන ලදි.



ලග්න වාසනාව “සුපිරි ධන යෝගයේ” බැලීනෝ මෝටර් රථය මාවනැල්ලේ නවරත්න මහතාට

01-July-2020

ලග්න වාසනාව “සුපිරි ධන යෝගයේ” බැලීනෝ මෝටර් රථය මාවනැල්ලේ නවරත්න මහතාට

ලග්න වාසනාව “සුපිරි ධන යෝගය” විශේෂ දිනුම් ඇදීමේ වාරයේ ප්‍රථම ත්‍යාගය       රු. 47,25,000.00 ක් වටිනා බැලීනෝ මෝටර් රථය දිනාගත් මාවනැල්ල ප්‍රදේශයේ ඩී.එම්.ඒ.නවරත්න මහතාට එම මෝටර් රථය ප්‍රදානය...

ජූනි මාසය තුළ පමණක් සුපිරි ජයග්‍රාහකයින් හයදෙනෙක් සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන්

25-June-2020

ජූනි මාසය තුළ පමණක් සුපිරි ජයග්‍රාහකයින් හයදෙනෙක් සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන්

පශ්චාත් කොරෝනා සමයක සියලු අභියෝග පරදා ජූනි මාසය වාසනාවේ මාසය බවට පත් කරමින් සුපිරි ජයග්‍රාහකයින්ම හය දෙනෙක් බිහිකිරීමට සංවර්ධන ලොතරැයි ලොතරැයි මණ්ඩලය සමත් වී ඇත.

අවශ්‍යම මොහොතක තම පාරිභෝගිකයින් ජයග්‍රාහණය කරවමින් ජූනි මස 11 වන දින සිට එක පෙළට කෝටිපතියන් ලක්ෂපතියන් බිහිකිරීමට හ...

විශේෂාංග පුවත්