සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ දිස්ත්‍රික් බෙදාහැරීමේ අලෙවි නියෝජිතයින්ගේ හමුව සාර්ථකව අවසන් වේ

30-March-2021

සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් වාර්ෂිකව අඛණ්ඩව පවත්වනු ලබන දිස්ත්‍රික් බෙදාහැරීමේ අලෙවි නියෝජිත රුස්වීම් මාලාවේ 2021 වර්ෂයට අදාළ රුස්වීම 2021.03.29 වන දින පවත්වන ලදී.  සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි බෙදාහැරීමේ අලෙවි නියෝජිත මහත්මීන් මෙම අවස්ථාව සදහා සහභාගී වූ අතර ඔවුන් විසින් ළගාකරගත් අලෙවි ඉලක්ක හා ප්‍රගතියද එහිදී සමාලෝචනය කර ඉදිරිපත් කරන ලදී.

ඉදිරි අලෙවි සැලසුම් හා අලෙවි ප්‍රවර්ධන කටයුතු සදහා ප්‍රගුණ කළ යුතු මූලිකාංගයන්ද මෙහිදී සාකච්ජාවට බදුන් වූ අතර බෙදාහැරීමේ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන්ගේද අදහස් හා යෝජනා සදහා එහිදී අවස්ථාව හිමිවිය.

මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අමිත ගමගේ මහතා,සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා,නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි ) චානක දොඩන්ගොඩගේ මහතා,සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි) කපිල ගමගේ මහතා,සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම්) සුනිල් ජයරත්න මහතා, සහකාර සාමාන්‍යාධිකාරී (මුදල්) කසුන් ජයසූරිය මහතා ඇතුළු නිළධාරීන් සහභාගී විය.



ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

17-July-2026

...

විශේෂාංග පුවත්