සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ දිස්ත්‍රික් බෙදාහැරීමේ අලෙවි නියෝජිතයින්ගේ හමුව සාර්ථකව අවසන් වේ

30-March-2021

සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් වාර්ෂිකව අඛණ්ඩව පවත්වනු ලබන දිස්ත්‍රික් බෙදාහැරීමේ අලෙවි නියෝජිත රුස්වීම් මාලාවේ 2021 වර්ෂයට අදාළ රුස්වීම 2021.03.29 වන දින පවත්වන ලදී.  සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි බෙදාහැරීමේ අලෙවි නියෝජිත මහත්මීන් මෙම අවස්ථාව සදහා සහභාගී වූ අතර ඔවුන් විසින් ළගාකරගත් අලෙවි ඉලක්ක හා ප්‍රගතියද එහිදී සමාලෝචනය කර ඉදිරිපත් කරන ලදී.

ඉදිරි අලෙවි සැලසුම් හා අලෙවි ප්‍රවර්ධන කටයුතු සදහා ප්‍රගුණ කළ යුතු මූලිකාංගයන්ද මෙහිදී සාකච්ජාවට බදුන් වූ අතර බෙදාහැරීමේ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන්ගේද අදහස් හා යෝජනා සදහා එහිදී අවස්ථාව හිමිවිය.

මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අමිත ගමගේ මහතා,සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා,නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි ) චානක දොඩන්ගොඩගේ මහතා,සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි) කපිල ගමගේ මහතා,සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම්) සුනිල් ජයරත්න මහතා, සහකාර සාමාන්‍යාධිකාරී (මුදල්) කසුන් ජයසූරිය මහතා ඇතුළු නිළධාරීන් සහභාගී විය.



"සංවර්ධන අභිමන් 2022” අම්පාර/මඩකලපුව දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව

07-March-2022

"සංවර්ධන අභිමන් 2022”  අම්පාර/මඩකලපුව දිස්ත්‍රික් අලෙවි නි...

විශේෂාංග පුවත්