සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහි කළ සුපිරි ජයග්‍රාහකයින් හා තවත් ලක්ෂ ගණනින් මුදල් ත්‍යාග දිනූ ජයග්‍රාහකයින් 56 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කෙරේ.

08-April-2025

අවැසිම මොහොතේ ඔබට වාසනාව රැගෙන එන සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් නුදුරේදි බිහිකළ තවත් ජයග්‍රාහකයින් 56 දෙනෙක් සදහා චෙක්පත් ප්‍රදානය කිරීම 2025.04.02 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති /ප්‍රධාන විධායක නිලධාරී නිතීඥ හේමන්ත ස්වර්ණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් හා සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුලු කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී.

මෙහිදී සංවර්ධන ලොතරැයිපත් අතරින්, සුපිරි ධන සම්පත ලොතරැයියෙන් බිහිවූ රු.2,500,000/- ජයග්‍රාහකයන්‍ 05 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කරන ලදි.

එසේම තවත් විසි ලක්ෂපති ජයග්‍රාහකයින් 26 දෙනෙක් සදහාත් දස ලක්ෂපති ජයග්‍රාහකයින් 25 දෙනෙක් සදහාත් එහිදී චෙක්පත් ප්‍රදානය කළ අතර කප්රුක ලොතරැයියේ ලක්ෂ පහක වටිනාකමින් යුත් යතුරු පැදි දිනූ ජයග්‍රාහකයින් දෙදෙනෙක් සදහා එම යතුරු පැදි පිරිනැමීමද එහිදි සිදුවිය.

ඒ අනුව සංවර්ධන ලොතරැයිපත් තුළින් දිවයින පුරා විසිරී සිටින ජයග්‍රාහකයින් 56 දෙනෙකු අතර  රු. 88,581,272 /-වටිනාකමකින් යුත් චෙක්පත් බෙදාදීම සිදු කරන ලදි.  



ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

17-July-2026

...

විශේෂාංග පුවත්