සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

කප්රුක “බක්මහ වාසි” විශේෂ දිනුම් ඇදීම 2025 අප්‍රේල් 09 වනදා

22-March-2025

ලොතරැයි ලොවේ දැවැන්තම සුපිරි ජයමල්ල රැගෙන එන කප්රුක ලොතරැයිය උදාවන මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේත් ඔබේ වාසනාව දෙගුණ කරන්න සුදානම්. ඒ වෙනුවෙන්  සංවර්ධන ලොතරැයි මණ්ඩලය හදුන්වා දුන් කප්රුක ලොතරැයියේ “බක්මහ වාසි” විශේෂ ලොතරැයිපත් වෙළදපලට නිකුත් කිරීම 2025.03.21 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති /ප්‍රධාන විධායක නිළධාරී නීතීඥ හේමන්ත ස්වර්ණතිලක මහතා ඇතුළු කළමනාකාරිත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩල ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදුකරන ලදී.

මෙම විශේෂ දිනුම් ඇදීම 2025 අප්‍රේල් මස  09 වන බදාදා දින සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර මෙම “ බක්මහ වාසි ” විශේෂ දිනුම් ඇදීම මගින් එදිනට නියමිත කෝටි 56 ඉක්මවා යන සුපිරි ජයමල්ල,කෝටියේ ජයමලු දෙකක්, ලක්ෂ විස්සේ ජයමලු සමගින් තවත් ලක්ෂ දෙකක් දක්වා ත්‍යාග වලට අමතරව විශේෂ දිනුම් ඇදීමෙන් තෝරා ගනු ලබන ඉලක්කම් 06 කින් යුත් විශේෂ අංක 03 අතුරින්, පළමු විශේෂ අංකය ගැළපීමෙන් වටිනා මෝටර් බයිසිකල් ද දෙවන විශේෂ අංකය  ගැළපීමෙන් රු.100,000/- මුදල් තෑගි ද තෙවන විශේෂ අංකය  ගැළපීමෙන් රු. 50,000/- තෑගි රැසක් ද දිනා ගත හැක.

ජයග්‍රාහණය ගැන ඔබ දකිනා සිහිනයටත් වඩා ඉහළින් ඔබව ඔසවා තබන  කප්රුක ලොතරැයියේ “ බක්මහ වාසි” විශේෂ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගෙන මේ අවුරුද්දේවැඩි වැඩියෙන් ත්‍යාග දිනා ගන්න.



ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

17-July-2026

...

විශේෂාංග පුවත්