සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ දෙවන වටයේ වැඩසටහන් උතුරු පළාතෙන් ආරම්භ කෙරේ -2025.10.19

21-October-2025

දශක හතරකටත් වඩා වැඩි කාලයක් පුරාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය දුන් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ දෙවන වටයේ ආරම්භක වැඩසටහන උතුරු පළාතේ යාපනය,මන්නාරම,කිලිනොච්චි,මුලතිව් හා වව්නියා යන දිස්ත්‍රික් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා 2025.10.19 වන දින යාපනය වාලම්පුරි හෝටල් පරිශ්‍රයේදී සාර්ථකව පවත්වා අවසන් කරන ලදී.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් හා සැලසුම් පිළිබදව සාකච්ජා කිරීමත්, එක් එක් අලෙවි නියෝජිතයින් විසින් සිදුකළ අලෙවියෙහි ප්‍රගතිය මත ඔවුන් ඇගයීමට ලක් කිරීමත් සිදුකරන ලදී. එසේම ලොතරැයි අලෙවිය හා සම්බන්ධව අලෙවි නියෝජිතයින්ගේ අදහස්, යෝජනා සහ ගැටලු වෙනුවෙන්  ඉඩහසර ලබාදීමත් මෙහිදී සිදුවිය.

මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී නීතීඥ හේමන්ත ස්වර්ණතිලක මහතා  සහ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුලු කළමනාකාරිත්වයත්,අදාළ දිස්ත්‍රික්කයන්හි කලාප කළමනාකරුවන් සහ අලෙවි ප්‍රවර්ධන නිළධාරීන් ඇතුලු පිරිස සහභාගී විය.



සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ තවත් දස ලක්ෂපති ජයග්‍රාහකයින් පිරිසකට චෙක්පත් පිරිනැමේ

27-March-2021

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ තවත් දස ලක්ෂපති ජයග්‍රාහකයින් පිරිසකට චෙක්පත් පිරිනැමේ

සංවර්ධන ලොතරැයි පවුලේ ලොතරැයිපත් හරහා බිහිවූ දස ලක්ෂපති ජයග්‍රාහකයින් දහතුන් දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම පසුගියදා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂිකා නීතිඥ ජැනට් ජයවර්ධන මහත්මිය අතින් සිදුවිය.

 

...

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සුපිරි කෝටිපති ජයග්‍රාහකයින් පස්දෙනෙක්ට අගමැතිතුමන් අතින් චෙක්පත් පිරිනැමේ

15-March-2021

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සුපිරි කෝටිපති ජයග්‍රාහකයින් පස්දෙනෙක්ට අගමැතිතුමන් අතින් චෙක්පත් පිරිනැමේ

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක,සංවර්ධන වාසනාව හා ශනිදා යන ලොතරැයිපත් හරහා බිහිවූ සුපිරි කෝටිපති ජයග්‍රාහකයින් පස් දෙනෙක් සදහා චෙක්පත් ප්‍රදානය කිරීම 2021.03.12 වන දින ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක...

විශේෂාංග පුවත්