සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

‘අද කෝටිපති’ බිහිකළ අට වන කෝටිපතියාට සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ත්‍යාග

02-August-2018

අඩුම කාලයක් ඇතුළත වැඩිම කෝටිපතියන් සංඛ්‍යාවක් බිහි කළ ‘අද කෝටිපති’ ලොතරැයියේ 8 වන කෝටිපති වාසනාවන්තයාට හිමි චෙක්පත් ප‍්‍රදානය පසුගියදා සිදුවිය.

අද කෝටිපති 310 වන වාරයේ සුපිරි ජයමල්ල වූ රු. 8,22,00,625 ක මුදල දිනාගත් ජාඇල පි‍්‍රයංකර මහතා හට අදාළ චෙක්පත ප‍්‍රදානය කිරීම පසුගිය ජුලි 23 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති එස්.ඒ.පී සූරියප්පෙරුම මහතාගේ ප‍්‍රධානත්වයෙන් හා කි‍්‍රයාකාරී අධ්‍යක්ෂ එච්.ආර් විමලසිරි මහතාගේ සහභාගීත්වයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩල ශ‍්‍රවණාගාරයේදී සිදුවිය. අදාළ ජයග‍්‍රාහී ටිකට්පත අලෙවි කළ මහබාගේ අලෙවි නියෝජිත එච් ඒ අයි ශි‍්‍රයානි මහත්මියටද මෙහිදී ත්‍යාග හිමිවිය.

තවද දස ලක්ෂය බැගින් වූ ත්‍යාග ජයග‍්‍රහණය කළ වාසනාවන්තයින් විසි දෙනෙක් සදහා අදාළ චෙක්පත් ප‍්‍රදානය කළ අතර ‘නියත ජය’ විශේෂ දිනුම් ඇදීමේ වාරයේ ස්කූටි යතුරුපැදිය දිනාගත් කිලිනොච්චි ප‍්‍රදේශයේ  කේ.රවිචන්ද‍්‍රන් මහතාටද එම ටිකට්පත අලෙවි කළ පුදුකුඩියිරිප්පු අලෙවි නියෝජිත එස්.ජී.එඩ්වඩ් මහතාටද ත්‍යාග ප‍්‍රදානය සිදුවිය.

උදාවන සෑම දිනක් වෙනුවෙන්ම අලුත් බලාපොරොත්තු එකතු කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් වැඩි වැඩියෙන් මිළදී ගන්නා ලෙස මෙම අවස්ථාවේදී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කළමනාකාරීත්වය මහජනතාවට ආරාධනා  කර සිටියේය.


විශේෂාංග ලිපි