සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

ලොතරැයිපත් දිනුම් ඇදීමේ දින සංශෝධනයන් සමගින් නියත ජය ලොතරැයිය වෙළදපලින් ඉවත් කෙරේ.

02-August-2019

සතියේ සෑම අගහරුවාදා සහ සිකුරාදා දිනකම දිනුම් අදින ලද නියත ජය ලොතරැයිපත 2019 ජූලි 30 වන දින සිට බල පැවැත්වෙන පරිදි වෙළදපලින් ඉවත් කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය කටයුතු කර ඇත. එහි අවසන් දිනුම් ඇදීම 2019 ජූලි 30 වන දින සිදුකළ අතර එහි ජයග්‍රහණය නොකළ සුපිරි ජයමල්ල 2019 අගෝස්තු 02 දින දිනුම් අදිනු ලබන සංවර්ධන වාසනාව ටිකට්පතෙහි සුපිරි ජයමල්ලට එකතු කරනු ලබයි.

අවසන් වශයෙන් 2019 ජූලි 30 වන දින දිනුම් අදිනු ලද නියත ජය ලොතරැයි ටිකට්පතේ දිනුම් එම අවසන් දිනුම් ඇදීමේ දින සිට මාස 06ක් ඇතුළත ලබා ගැනීමට ජයග්‍රාහකයින්ට හැකියාව ඇත.

ඒ අනුව මින් ඉදිරියට නියත ජය ලොතරැයිපත පැවති දිනයන් වෙනුවට ජයෝදා ටිකට්පත අගහරුවාදා දිනටත් සංවර්ධන වාසනාව සිකුරාදා දිනයත් දිනුම් අදිනු ලැබේ.

මෙම සංශේධනයන්ට අනුව ඔබට ජයෝදා ලොතරැයිපත අගහරුවාදාට සහ බ්‍රහස්පතින්දාටත් සංවර්ධන වාසනාව ලොතරැයිපත බදාදා සහ සිකුරාදා දිනයන්ටත් මිළදී ගැනීමේ හැකියාව ඇත.

එමෙන්ම ජනතාවගේ ඉල්ලීම මත වැඩි ආකර්ෂයක් දිනා ගත් ලග්න වාසනාව (රාශි අදිෂ්ටම්) ලොතරැයිය 2019 අගෝස්තු 01 වන දින සිට සතියේ දින හත පුරාම දිනුම් අදිනු ලබයි.

 



සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය

21-January-2025

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය නිමිත්තෙන්  2025.01.20 වන දින ආයතන ශ්‍රවණාගාරයේදි ධර්ම දේශනයක් පවත්වන ලද අතර පිළිකා රෝහල වෙත ඖෂධ තොගයක් පරිත්‍යාග කිරීමද සිදුකරන ලදී.

...

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෑගල්ල, මාතලේ හා මහනුවර දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව -2025.01.05

09-January-2025

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෑගල්ල, මාතලේ හා මහනුවර දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව -2025.01.05

මෙරට සුවහසක් ජීවිත එළිය කරන්නට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය දෙන  අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ තවත් එක් රැස්වීමක් කෑගල්ල,මාතලේ හා මහනුවර දිස්ත්‍රික් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා 2025.01.05 වන දින ඕක්-රේ ර...

විශේෂාංග පුවත්