සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නිවේදක නිවේදිකාවන් වෙනුවෙන් දින පහක පුහුණු වැඩමුළුවක්

21-August-2019

සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම ලොතරැයි  දිනුම් ඇදීමේ නිවේදක නිවේදිකාවන් වෙනුවෙන් දින පහක වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු කර ඇත.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමගින් එක්ව සිටින සියලුම නිවේදක නිවේදිකාවන්ගේ නිවේදන හැකියාවන් හා කුසලතාවයන් තවදුරටත් වැඩි දියුණු කර ගැනීමට අත්වැලක් ලබාදීම මෙම වැඩසටහනෙහි ප්‍රධාන අරමුණයි.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ දිනුම් ඇදීමේ නිවේදන කටයුතු සිදුකරන සියලුම නිවේදක නිවේදිකාවන් මේ සදහා සහභාගී වීමට නියමිත අතර පහළොස් දෙනා බැගින් වූ කණ්ඩායම් දෙකක් වශයෙන් මෙම වැඩමුළුව සදහා ඔවුන් සහභාගී කරවනු ලබයි.

ප්‍රවීණ රංගන ශිල්පීනී අනෝජා වීරසිංහ මහත්මිය විසින් මෙහෙයවනු ලබන බෙල්ලන්විල අභින යෝගා ආශ්‍රමයෙහි පැවැත්වූ මෙම වැඩමුළුව සදහා පසුගිය අගෝස්තු 09 වන දින සිට 13 වනදා දක්වා දින පහක කාලය තුළ නිවේදක නිවේදිකාවන් 15කින් යුත් පළමු කණ්ඩයම සහභාගි කරවීය.



ලග්න වාසනාව “සුපිරි ධන යෝගයේ” බැලීනෝ මෝටර් රථය මාවනැල්ලේ නවරත්න මහතාට

01-July-2020

ලග්න වාසනාව “සුපිරි ධන යෝගයේ” බැලීනෝ මෝටර් රථය මාවනැල්ලේ නවරත්න මහතාට

ලග්න වාසනාව “සුපිරි ධන යෝගය” විශේෂ දිනුම් ඇදීමේ වාරයේ ප්‍රථම ත්‍යාගය       රු. 47,25,000.00 ක් වටිනා බැලීනෝ මෝටර් රථය දිනාගත් මාවනැල්ල ප්‍රදේශයේ ඩී.එම්.ඒ.නවරත්න මහතාට එම මෝටර් රථය ප්‍රදානය...

ජූනි මාසය තුළ පමණක් සුපිරි ජයග්‍රාහකයින් හයදෙනෙක් සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන්

25-June-2020

ජූනි මාසය තුළ පමණක් සුපිරි ජයග්‍රාහකයින් හයදෙනෙක් සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන්

පශ්චාත් කොරෝනා සමයක සියලු අභියෝග පරදා ජූනි මාසය වාසනාවේ මාසය බවට පත් කරමින් සුපිරි ජයග්‍රාහකයින්ම හය දෙනෙක් බිහිකිරීමට සංවර්ධන ලොතරැයි ලොතරැයි මණ්ඩලය සමත් වී ඇත.

අවශ්‍යම මොහොතක තම පාරිභෝගිකයින් ජයග්‍රාහණය කරවමින් ජූනි මස 11 වන දින සිට එක පෙළට කෝටිපතියන් ලක්ෂපතියන් බිහිකිරීමට හ...

විශේෂාංග පුවත්