සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

31-October-2019

එදා මෙදා තුර ශ්‍රි ලාංකීය ලොතරැයි ඉතිහාසයේ වැඩිම සුපිරි ජයමල්ල වෙනුවෙන් ජයග්‍රාහකයෙක් බිහි කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක ලොතරැයියට හැකියාව ලැබී ඇති බව සතුටින් දන්වා සිටිමු.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වැඩිම ආරම්භක සුපිරි ජයමල්ල වන කෝටි 7.5 ක ජයමල්ලක් සහිත කෝටිපති කප්රුක ලොතරැයියේ 513 වන වාරයේ සුපිරි ජයමල්ල වූ රු.14 50 29 213ක අති දැවැන්ත ජයමල්ල දිනා ගැනීමට පසුගිය 2019.10.27 වන ඉරිදා දින රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල ප්‍රදේශයේ වාසනාවන්තයෙක් හෝ වාසනාවන්තියක් සමත්ව ඇත.

එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර ඇත්තේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගොඩකවෙල අලෙවි නියෝජිත ආර්.පී. සෝමා ප්‍රියන්ති මහත්මියයි.

2016 වසරේදී වෙළදපලට නිකුත් කරන ලද කෝටිපති ශනිදා ලොතරැයිය කෝටිපති කප්රුක නමින් වඩාත් ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කිරීම පසුගිය අගෝස්තු මස සිදුවූ අතර වසර තුනක් වැනි ඉතාමත් කෙටි කාලයකදී මෙවන් සුපිරි ජයමල්ලකට හිමිකරුවෙක් බිහි කීරීම ඉතාමත් සතුටුදායක කරුණකි.

මේ වන විට කෝටිපති (ශනිදා) දැන් කෝටිපති කප්රුක ලොතරැයිය මගින් 2016 සිට මේ දක්වා සුපිරි ජයග්‍රාහකයින් 08 දෙනෙක් බිහිකර ඇති අතර ඔවුන් වෙත ලබාදුන් සමස්ත ත්‍යාග මුදල් වල වටිනාකම රුපියල් මිලියන 751 කි. නැතහොත් කෝටි 75.1 කි.

කෝටිපති කප්රුක ශ්‍රි ලාංකිය ලොතරැයි පාරිභෝගිකයන් හට අනාගතයේදී ලොතරැයි කප් රුකක්  වන අතර  සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම සියලුම පාරිභෝගිකයන් හට සැමදා ජයග්‍රාහණයන් හිමිවේවායි මේ වාර්තාගත අවස්ථාවේදී ප්‍රාර්ථනා කරයි.



ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

17-July-2026

...

විශේෂාංග පුවත්