සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලය 37 වන සංවත්සරය සමරයි

19-January-2020

ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය මෙම ජනවාරි 19 වන දිනට 37 වන සංවත්සරය සමරනු ලබයි. ශ්‍රි ලාංකිකයන් වෙනුවෙන්  උත්තරීතර අරමුණු පෙරදැරිව 1983 වර්ෂයේ ජනවාරි 19 දින සමාරම්භ කරනු ලැබූ සංවර්ධන ලොතරැයි මධ්‍යස්ථානය එතැන්  සිට අද දක්වා පසුකලාවූ වසර 37ක කාලය ඇතුළත පැමිණි සංදිස්ථානයන් සේම බිහිකළාවූ ජයග‍්‍රාහකයින් අපමණය. මෙරට ජනතාව ලොතරැයියක් වෙනුවෙන් වියදම් කරන්නාවූ රුපියල් විස්ස නැවතත් ඔවුන් අතරටම ගෙනයන්නාවූ සංවර්ධන ලොතරැයි මණ්ඩලය මෙරට බොහෝ ජීවිත එක් රැයින් වාසනාවන්ත කරන අතරම රට වෙනුවෙන් සෞඛ්‍යමය සහ අධ්‍යාපනික මෙහෙවරක යෙදෙන්නේය.

ජනාධිපති අරමුදල සහ මහපොළ භාරකාර අරමුදල මගින් රුපියල් මිලියන 2.2 බැගින් මුදල් ආයෝජනය කර මෙම මණ්ඩලය ආරම්භ කරන්නේ ජනාධිපති අරමුදලේ හා මහපොළ අරමුදලේ මූල්‍ය පදනම ශක්තිමත් කිරීමේ පරම අපේක්ෂාවෙනි. ඒ අනුව ජනාධිපති අරමුදල හා මහපොළ භාරකාර අරමුදල වෙනුවෙන් තම ලාභාංශයන් පරිත්‍යාග කරන එකම රාජ්‍ය ආයතන සංවර්ධන ලොතරැයි මණ්ඩලය වන්නේය. සංවර්ධන ලොතරැයි මණ්ඩලය ආරම්භයේදී සංවර්ධන ලොතරැයි මධ්‍යස්ථානය ලෙස හදුන්වනු ලැබූ අතර අනතුරැව  සංවර්ධන ලොතරැයි භාරය බවට 1993 දී පත්කරන ලදී.1997 අගෝස්තු 12 වැනිදා 1997 අංක 20 දරණ සංවර්ධන ලොතරැයි මණ්ඩල පනත මගින් මෙම භාරය සංවර්ධන ලොතරැයි මණ්ඩලය බවට පරිවර්තනය කරන ලදී.

දිනෙන් දිනම රට වෙනුවෙන් ලබාදුන් දායකත්වය තීවුර කරමින් ඉදිරියට පැමිණි සංවර්ධන ලොතරැයි මණ්ඩලය 1983 සිට 2019 දක්වා කාලය තුළ ජනාධිපති අරමුදල සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලබා දුන් නොමසුරු දායකත්වය රුපියල් 27,115,374,346 කි. ආරම්භයේ සිට මේ දක්වා සරසවි දූ පුතුන්ගේ උසස් අධ්‍යාපනය උදෙසා ලබාදුන් මහපොළ ශිෂ්‍යත්ව ප‍්‍රමාණය තුන්ලක්ෂ විසිපන් දහසකට ආසන්නය. පසුගිය 2019 වර්ෂයේදී පමණක් ජනාධිපති අරමුදල වෙනුවෙන් ලබාදුන් දායකත්වය දළ වශයෙන් රුපියල් කෝටි 235 ක් පමණ වේ.

එවන් වු දායකත්වයක් සැපයීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ශක්තියක් වන්නේ ‘ශනිදා වාසනා’, ‘සංවර්ධන වාසනාව’, ‘ලග්න වාසනාව’, ‘ජයෝදා’, ‘කෝටිපති කප්රුක’, ‘සුපර් බෝල්’ ,  ‘අදකෝටිපති’ සහ ක්ෂණික ලොතරැයිපත් යන සංවර්ධන ලොතරැයි පවුලේ ලොතරැයිපත්ය.

එවන් වූ අසමසම මෙහෙවරක නියැලෙමින් වාසනාවේ අරුණළු රැගෙන රට වටා යන සංවර්ධන ලොතරැයි මණ්ඩලය තුළින් වාසනාව උදාකර ගන්නේ එය මිළදී ගන්නා පරිභෝගිකයන් පමණක්ම නොවන්නේය. සංවර්ධන ලොතරැයි අලෙවි ජාලය සමග අත්වැල් බැද සිටින බෙදාහැරීමේ අලෙවි නියෝජිතයින් 89 දෙනෙක්ට , 2500 කට අධික අලෙවි නියෝජිතයින්ට හා ඒ යටතෙහි සිටින විසිදහසකට අධික අලෙවි සහයකයින්ට රැකියා නිර්මාණය කර දුන් තෝතැන්න සංවර්ධන ලොතරැයි මණ්ඩලයයි.

වසර 37 ක කාලයක් පුරාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලය කෙරෙහි සුවහසක් පාරිභෝගිකයින් තැබූ විශ්වාසය ඒ අයුරින්ම ඉදිරියටත් සුරකින බව වසර 37ක සංවත්සරය සමරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය නිවේදනය කර සිටී.



"සංවර්ධන අභිමන් 2022” අම්පාර/මඩකලපුව දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව

07-March-2022

"සංවර්ධන අභිමන් 2022”  අම්පාර/මඩකලපුව දිස්ත්‍රික් අලෙවි නි...

විශේෂාංග පුවත්