සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

පාරිභෝගික ඔබේ කැමැත්තට මුල්තැන දෙන “ජය සම්පත ” දැන් වෙළදපලේ !

23-April-2025

දශක හතරකටත් වඩා වැඩි කාලයක් මෙරට සුවහසක් ශ්‍රි ලාංකිකයින්ගේ ජන ජීවිත නඟා සිටුවමින් ඔවුන්ගේ ජීවිත එළිය කළ සංවර්ධන ලොතරැයි මණ්ඩලය යනු මෙරට වාසනාවේ විශ්වාසය රැඳි ආයතනයයි. වාසනාවට නොදෙවෙනි සමාජ මෙහෙවරක් ඉටු කරමින් විශ්වාසයෙන් ඉදිරියට යන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ මුලික පරමාර්ථයන් වන්නේ මෙරට සිව්දෙස ජයග්‍රාහකයින් බිහිකරන අතරවාරයේම වැඩිම මූල්‍ය දායකත්වයක් වාර්ෂිකව ජනාධිපති අරමුදලටත් මහපොල ශිෂ්‍යත්ව උසස් අධ්‍යාපන අරමුදලට බැර කිරීම වන්නේය. එකී ජනහිතකාමී පරමාර්ථයන් පෙරදැරිව ඉදිරියට යන සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම අලෙවි ජාලයටද උපරිම වෘත්තිය ගෞරවයක් හා වරප්‍රසාදයන් ලබාදීමට උත්සාහ කරන්නේ ඔවුගෙන් ලොතරැයි ව්‍යාපාරයට ලැබෙන්නාවූ ශක්තියට ගෞරවයක් ලෙසිනි.

ලොතරැයි පාරිභෝගික විශ්වාසය හා ඔවුන්ගේ අභිරුචීන් මූලික පදනම කරගත් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සියලු ලොතරැයිපත් හරහා රැගෙන එන්නේ ආකර්ෂණීය සුපිරි ජයමලු වන අතර ඒ සියලු සුපිරි ජයමලු වටා මෙරට ජනතාවගේ බලාපොරොත්තු ගොනුවී ඇත.

ජනහිතකාමී ලොතරැයි ආයතනයක් ලෙස ජනතාවගේ අදහස් වලට ගරු කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලොතරැයි පිළිබදව පාරිභෝගික ජනතාවගේ අභිරුචින් පිළිබද කළ  සමීක්ෂණයන්හිදී හදුනාගත් පරිදි ඔවුන් කැමැත්තක් දක්වන්නේ අඩු පන්දු සංඛ්‍යාවකින් යුත් ලොතරැයිපත් කෙරෙහි බව හදුනාගෙන ඇති අතර ඊට ගැළපෙන ලෙස ජය සම්පත නව  ලොතරැයිය වෙළදපලට නිකුත් කර ඇත.

 ජය සම්පත නව ලොතරැයිපත වෙළදපලට එළිදැක්වීම 2025 අප්‍රේල් 22 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී නීතිඥ හේමන්ත ස්වර්ණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් හා සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුලු කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධන ලොතරැයි පරිශ්‍රයේදී සිදුකරන ලදී.

“සුපිරි ධන සම්පත” ලොතරැයි දිනුම් ඇදීමේදී තෝරාගනු ලබන ඉංග්‍රීසි අක්ෂරය සහ අංක 06 න්, අවසන් දිනුම් අංක 04 අග සිට මුලට පිලිවෙලින් ගැළපීම මගින් ඔබට ජය සම්පත තුළින් පහත සදහන් ත්‍යාග වලට හිමිකම් කිව හැකිය.

ත්‍යාග රටාව

ත්‍යාග වටිනාකම

 ඉංග්‍රීසි අක්ෂරය සමඟ අංක 04 මුද්‍රිත පේළිය අග සිට මුලට පිළිවෙලින් ගැලපීමෙන්

රු.250,000/-

 අංක 04 මුද්‍රිත පේළිය අග සිට මුලට පිළිවෙලින් ගැලපීමෙන්

රු.50,000/-

 අංක 03 මුද්‍රිත පේළිය අග සිට මුලට පිළිවෙලින් ගැලපීමෙන්

රු.4,000/-

 අංක 02 මුද්‍රිත පේළිය අග සිට මුලට පිළිවෙලින් ගැලපීමෙන්

රු.1,000/-

 ඉංග්‍රීසි අක්ෂරය ගැලපීමෙන්

රු.80/-

ඔබේ හිත ඉල්ලන වෙනස්කම් හා ත්‍යාග සහිත ජය සම්පත ලොතරැයියේ මංගල දිනුම් ඇදීම 2025 මැයි 02 වන සිකුරාදා පැවැත්වීමට නියමිතය.

සතියේ දින හතේම දිනුම් අදිනු ලබන ජය සම්පත ලොතරැයියෙන් දිනපතා රු.250,000 ත්‍යාග, පනස් දහසේ ත්‍යාග සහ තවත් සෙසු ත්‍යාග රැසක් පහසුවෙන් මෙන්ම සරලව දිනා ගනිමින් ඔබේ වේගවත් ජීවිතය තවදුරටත් වාසනාවෙන් පුරවා ගනු ඇතැයි සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ විශ්වාසයයි.



සුපිරි ධන සම්පත “ Win Cash ” විශේෂ දිනුම් ඇදීම 2026 අගෝස්තු 25 !

06-August-2026

සුපිරි ධන සම්පත “ Win Cash ” විශේෂ දිනුම් ඇදීම 2026 අගෝස්තු 25 !

සුපිරි ධන සම්පත  “Win Cash” විශේෂ ලොතරැයිපත වෙළදපලට නිකුත් කිරීම 2026.08.06 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති /ප්‍රධාන විධායක නිළධාරී නීතීඥ හේමන්ත ස්වර්ණතිලක මහතා ඇතුළු කළමනාකාරිත්වයේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී.

Read More

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

විශේෂාංග පුවත්