සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සේවා කාර්යක්ෂමතාවය වෙනුවෙන් ලංකා බැංකුව හා මහජන බැංකුව සමගින් ජාලගත වේ.

14-March-2020

නව තාක්ෂණය යොදා ගනිමින් සේවා කාර්යක්ෂමතාවයන් ඉහළ නැංවීමේ ක්‍රමවේදයන්ට අනුගතවෙමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයද තම කාර්යඵල සාධනය කර ගැනීමට කටයුතු කර ඇත.

ඒ අනුව සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලංකාවේ ප්‍රධාන රාජ්‍ය බැංකු වන ලංකා බැංකුව හා මහජන බැංකුව සමගින් එක්ව ඔවුනොවුන්ගේ පරිගණක පද්ධති සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ පරිගණක පද්ධති හා සම්බන්ධ කරමින් ආයතනික මුදල් ගනුදෙනු වඩාත් කාර්යක්ෂමව හා ඵලදායිතාවයෙන් යුතුව සිදුකිරීමට කටයුුතු යොදා ඇත.

එදිනෙදා සිදුකරනු ලබන මුදල් ගනුදෙනු ගිණුම්ගත කරන මෙම ක්‍රමවේදය හරහා  92ක් වන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ බෙදාහැරීමේ අලෙවි නියෝජීත පිරිසටද 2500ක් වන අලෙවි නියෝජිත පිරිසටද 20000 කට අධික ලොතරැයි අලෙවි සහායක පිරිසටද විශාල පහසුවක් අත්ව ඇත.

මෙම ජාලගත කිරීමේ තාක්ෂණික උපාය මාර්ගයේ වැදගත්කම වන්නේ මුදල් අමාත්‍යංශය යටතේ පාලනය වන ප්‍රධාන ආයතන තුනක් එකට එක්වී සිය සේවාව වඩාත් සාර්ථක ලෙස තම ගනුදෙනුකරුවන් අතරට ගෙනයාමයි.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමගින් අත්වැල් බැදසිටින බෙදාහැරීමේ අලෙවි නියෝජිතයින්  අලෙවි නියෝජිතයින් ඇතුළු පාර්ශව ගණනාවකට මෙන්ම මෙරට සුවහසක් ශ්‍රි ලාංකියන්ගේ ජීවිතවලටද වාසනාව රැගෙන එන සංවර්ධන ලොතරැයි මණ්ඩලය දිනෙන් දින බිහිකරනු ලබන කෝටිපති ලක්ෂපති ජයග්‍රාහකයින්ගේ ප්‍රමාණයද අතිමහත්ය.

රාජ්‍ය ආයතනයක් ලෙස මෙරට ආර්ථික සමාජීය අධ්‍යාපනික හා සෞඛ්‍ය යන අංශවල ප්‍රගමනය වෙනුවෙන්ද සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම උපරිම දායකත්වය ලබාදේ.එසේම සංවර්ධන ලොතරැයි මණ්ඩලය ප්‍රකාශ කරන්නේ 2019 වර්ෂයේදී සිය මෙහෙයුම් ලාභය ලෙස රු. 2,668,792,667 (බිලියන 2.6) ක මුදලක් ජනාධිපති අරමුදලට බැර කළ බවත් එය 2019 වර්ෂයේ ඉලක්කගත ප්‍රමාණය ඉක්මවා යෑමක් බවයි. එමෙන්ම 2019 වර්ෂයේ අයවැය ගත අලෙවි ඉලක්කය ඉක්මා ඇති සංවර්ධන ලොතරැයි මණ්ඩලය  බිලියන 17.8 ක පිරිවැටුමක් වාර්තා කිරීමද තමන් ලද ජයග්‍රහණයක් තවදුරටත් ප්‍රකාශ කර සිටී.

තවද සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් ඉලෙක්ට්‍රොනික ලොතරැයියක් (e-Lottery) හදුන්වා දීමේ වැඩපිළිවෙලද මේ වනවිට පරීක්ෂණ මට්ටමින් හදුන්වා දී ඇති අතර එම ඉලෙක්ට්‍රොනික ලොතරැයිය සමස්ත ශ්‍රි ලාංකිකයින්ට මිලදී ගැනීමට හැකි පහසුකම නුදුරු අනාගතයේදීම උදාකර දීමටද සියලු කටයුතු සූදානම් කර ඇති බව සංවර්ධන ලොතරැයි මණ්ඩලය ප්‍රකාශ කර සිටී.



"සංවර්ධන අභිමන් 2022” අම්පාර/මඩකලපුව දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව

07-March-2022

"සංවර්ධන අභිමන් 2022”  අම්පාර/මඩකලපුව දිස්ත්‍රික් අලෙවි නි...

විශේෂාංග පුවත්