සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සුපිරි කෝටිපති ජයග්‍රාහකයින් දෙදෙනෙක්ට අගමැතිතුමන් අතින් චෙක්පත් පිරිනැමේ

09-January-2021

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක හා ජයෝදා යන ලොතරැයිපත් හරහා බිහිවූ සුපිරි කෝටිපති ජයග්‍රාහකයින් දෙදෙනෙක් සදහා චෙක්පත් ප්‍රදානය කිරීම 2021.01.07 වන දින ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලදී. 

එහිදී “කෝටිපති කප්රුක” 652 වන වාරයේ සුපිරි ජයමල්ල රු. 87,991,625/- ක මුදල දිනාගත් අඹන්පොල කුමාර පතිරන්නැහැලාගේ සුනිල් මහතාට අදාළ චෙක්පත ප්‍රදානය කෙරුණි.එම වාසනාවන්ත ලොතරැයිපත අලෙවි කර තිබුණේ අඹන්පොල අලෙවි නියෝජිත යූ.ඩී.එල්.දිනේෂ් කුමාර මහතායි.

තවද ජයෝදා 1717 වන වාරයේ සුපිරි ජයමල්ල රු 57,138,276/- ක මුදල දිනාගත් ගල්ගමුව ඒ.ජී.බී.ජී.කොඩිතුවක්කු මහතාටද එහිදී අදාළ චෙක්පත ප්‍රදානය කරන ලදී. එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර තිබුණේ ගල්ගමුව අලෙවි නියෝජිත ටී.එම්.එස්.බී.මැණිකේ මහත්මියයි.

මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩයේ සභාපති අමිත ගමගේ මහතා ඇතුලු නිළධාරීන් සහභාගී විය.



ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

17-July-2026

...

විශේෂාංග පුවත්