සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

කෝටිපතියන් හා ලක්ෂපතියන් රැසකට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිතුමන් අතින් චෙක්පත් පිරිනැමේ.

12-January-2022

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක හා අද කෝටිපති බිහිකළ සුපිරි කෝටිපති ජයග්‍රාහකයින් දෙදෙනෙක්ට හා තවත් ලක්ෂපති ජයග්‍රාහකයින් රැසකට අදාළ චෙක්පත් ලබාදීම 2022.01.12 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් ගුණරත්න නාරගල මහතා අතින් සිදුවිය.

එහිදී 2021.12.12 දින පැවති කෝටිපති කප්රුක 777 වන වාරයේ සුපිරි ජයමල්ල වූ රු.87,991,255/- ක මුදල දිනාගත් බෝපත්තලාව ප්‍රදේශයේ ආර්.එම්.ජී.ඩී.රත්නායක මහත්මියට අදාළ චෙක්පත පිරිනමන ලදී. එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර තිබුණේ පේරාදෙණිය උද්භිද උද්‍යානය ඉදිරිපිට අලෙවි නියෝජිත ටී.එච්.එම්.පී.කේ.සෙනරත් බණ්ඩාර මහතායි.

තවද අද කෝටිපති 1432 වන වාරයේ සුපිරි ජයමල්ල රු.62,453,588/- ක මුදල දිනාගත් මොණරාගල ටී.ඩබ්.කේ.ඩී.ප්‍රියංකර මහතාටද එහිදී චෙක්පත හිමිවිය. එම ලොතරැයිපත අලෙවි කර තිබුණේ මොණරාගල අලෙවි නියෝජිත එස්.කේ.සමරසිංහ මහතායි.

එම කෝටිපති සුපිරි ජයග්‍රාහකයින් දෙදෙනාට අමතරව ලග්න වාසනාව 3314 වන වාරයේ සුපිරි ජයමල්ල වූ රු.3,136,191/- ක මුදල දිනාගත් පොල්පිතිගම ප්‍රදේශයේ ආර්.එ්.පී.කුමාරි  මහත්මියටද තම ජයග්‍රාහී චෙක්පත හිමිවූ අතර එම ලොතරැයිපත අලෙවි කර තිබුණේ තලකොලවැව අලෙවි නියෝජිත එම්.ඒ.ඩී.ජේ.තුෂාර මහතායි.

ලග්න වාසනාවේම 3317 වන වාරයේ සුපිරි ජයමල්ල දිනූ ජයග්‍රාහකයා වූ ගම්පල ටී.ඩී.සුමනසේන මහතාටද රු.2,373,378/- ක චෙක්පත හිමි වූ අතර එම ලොතරැයිපත අලෙවි කර තිබුණේ ගම්පොල අපගේ අලෙවි නියෝජිත ඩී.එම්.ජයරුවන් මහතායි.

එම සුපිරි ජයග්‍රාහකයින්ට අමතරව තවත් දස ලක්ෂයේ ජයග්‍රාහකයින් 17 දෙනෙක් සදහා එදිනම චෙක්පත් පිරිනමන ලදී.

එක ළග එක පෙළට බිහිවූ එම සුපිරි ජයග්‍රාහකයින් සදහා එලෙස චෙක්පත් පිරී නැමුණු අතර ඉදිරියේදීත් සෑම ගම්මානයකම, නගරයකම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ජයග්‍රාහකයින් බිහිවණු දැකීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අපේක්ෂාවයි.



ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

17-July-2026

...

විශේෂාංග පුවත්