සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අනුරාධපුර අලෙවි නියෝජිත හමුව සාර්ථකව අවසන් වේ

15-January-2022

සංවර්ධන ලොතරැයි මණ්ඩලය දීප ව්‍යාප්තව සිදුකිරීමට බලාපොරොත්තු වන "සංවර්ධන අභිමන්" වැඩසටහනට අදාළ අනුරාධපුර දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව 2022.01.15 දින අනුරාධපුර හෙරිටේජ් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව පවත්වා අවසන් විය.
ඒ සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපති අජිත් ගුණරත්න නාරගල මහතා ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.
ඉඩම් අමාත්‍ය ගරු එස්.එම්.චන්ද්‍රසේන මැතිතුමා,සමෘද්ධි,ගෘහ ආර්ථික,ක්ෂුද්‍ර මූල්‍ය,ස්වයං රුකියා,ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා,ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස්.කුමාරසිරි මැතිතුමා ,අනුරාධපුර නගරාධිපති එච්.පී.සෝමදාස මහතා,මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ඉංජිනේරු එම්.එච්.ඒ.එස්.කේ.පෙරේරා මහතා ඇතුළු අනුරාධපුර ප්‍රාදේශීය සභා සභාපතිවරුද මෙම අවස්ථාව සදහා සහභාගී විය.
2022 වර්ෂය වඩාත් සාර්ථක ඵලදායි එකක් කරගනිමින් ලොතරැයි අලෙවියෙහි සාධනීය වර්ධනයක් සමග නව ගමනක් යන්නට අලෙවි නියෝජිත ජාලය බලගැන්වීම මෙම රැස්වීම් පැවැත්වීමේ අරමුණයි.
අලෙවි ප්‍රවර්ධන සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලය ගැනීමට බලාපොරොත්තු වන නව පියවරයන් පිළිබදවත්,අලෙවි ඉලක්කයන් හා නව දිශානතියන් පිළිබඳවත් එහිදී සාකච්ඡා විය. එසේම බෙදාහැරීමේ අලෙවි නියෝජිතයන්ගේ හා අලෙවි නියෝජිතයන්ගේ අදහස් හා ගැටලු යෝජනා වලටද එහිදී අවස්ථාව හිමිවූ අතර වැඩිම අලෙවියක් කල පිරිස ඇගයීමත් ඔවුන්ට සහතිකපත් හා ත්‍යාග ලබාදීමත් සිදුවිය.



ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

17-July-2026

...

විශේෂාංග පුවත්