සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

DLB Sweep App හා සසිරි ඩිජිටල් ලොතරැයිය සම්මානයට පාත්‍රවේ !

22-January-2022

සම්ප්‍රදායික ලොතරැයි කලාව අතික්‍රමණය කරමින් නවීන තාක්ෂණයේ දිශානතියන් ඔස්සේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය හදුන්වා දුන් DLB Sweep App වෙත ප්‍රථම වතාවට National ICT Awards , NBQSA 2021 සම්මාන උළෙලේදී "Retail and Distribution in Consumer Category " යටතේ රිදී සම්මානයක් හිමිවිය.මීට අමතරව DLB Sweep App එම සම්මාන උළෙලේ Best Digitalization Process Enabler කාණ්ඩය වෙත නිර්දේශවීමද සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලද ජයග්‍රාහණයකි.


තවද ඩිජිටල්කරණයත් සමගින් යාවත්කාලීන වෙමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලය හදුන්වා දුන් දකුණු ආසියාවේ ප්‍රථම ඩිජිටල් ලොතරැයිය වන සසිරි ලොතරැයියටද එම සම්මාන උළෙලේදී In - house Category යටතේ කුසලතා සම්මානයක් හිමිවිය.

 

මෙම උත්කර්ෂවත් ජයග්‍රාහී අවස්ථාව වෙනුවෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපති අජිත් ගුණරත්න නාරගල මහතා,සහකාර සාමාන්‍යාධිකාරී (තොරතුරු තාක්ෂණ) මධුර හර්ෂණ මහතා,සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි) අසංකා ගුණසිංහ මහත්මිය සහ පද්ධති විශ්ලේෂක උමේෂ් ඉලේපෙරුම මහතා සහභාගී විය.



ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

17-July-2026

...

විශේෂාංග පුවත්