සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

පොල්රුප්පාවෙන් තල්රුප්පාවට වාළම්පුරි නමින් විශේෂ ලොතරැයිපතක් !

09-September-2022

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමගින් අත්වැල් බැද සිටින උතුර නැගෙනහිර වෙසෙන ලොතරැයි පාරිභෝගික  මහත්ම මහත්මීන් වෙනුවෙන්ම වාසනාව උරුම කිරීමේ අරමුණින් වාළම්පුරි නමින් විශේෂ ලොතරැයිපතක් හදුන්වා දීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය කටයුතු කලා.

ලංකාවේ සිව්දෙසට වාසනාවේ පණිවිඩය රැගෙන යන අප උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් හදුන්වා දුන් මෙම විශේෂ ලොතරැයිපත වෙළදපලට නිකුත් කිරීම 2022.09.06 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේදී එහි සභාපති / ප්‍රධාන විධායක නිළධාරී අජිත් ගුණරත්න නාරගල මහතාගේ ප්‍රධානත්වයෙන්  සිදුවිය.

වාසනාවේ ජයශංඛය නම්වූ මෙම වාළම්පුරි විශේෂ ලොතරැයිපත තුළින් මිලියන දෙකක් දක්වා වූ මුදල් ත්‍යාග දිනාගැනීමට පාරිභෝගික ඔබට හැකියාව ඇත. අංක 03 ක් සමගින් ලග්නය ගැළපීමෙන් රුපියල් ලක්ෂ විස්සක්ද, අංක 03 පමණක් ගැළපීමෙන් රුපියල් 100,000/- මුදල් ත්‍යාගද, අංක 02 ක් ගැළපීමෙන් රුපියල් 500 යේ මුදල් ත්‍යාගද, ඕනෑම එක් අංකයක් හෝ ලග්නය ගැළපීමෙන් රුපියල් 50 මුදල් ත්‍යාගද රුසක් දිනාගැනීමට හැකියාව ඇත.

එළඹෙන ඔක්තෝබර් 28 වන දින පැවැත්වීමට නියමිත මෙම වාළම්පුරි විශේෂ දිනුම් ඇදීම හරහා තෑගි සයුරක තම වාසනාව සොයා යෑමට දැන් උතුර නැගෙනහිර පාරිභෝගික මහත්ම මහත්මීන්ට හැකියාව ඇත.



ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

17-July-2026

...

විශේෂාංග පුවත්