සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයන් බිහිවූ වාසනාවන්තයින් සදහා චෙක්පත් ප්‍රදානය

20-August-2024

දශක 04 කට අදික කාලයක් සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් දිවයිනේ නන් දෙසින් ලොතරැයි ජයග්‍රාහකයන් බිහි කරයි. ඒ වාසනවන්තයින් ගොන්න අතුරට මෙවර දස ලක්ෂපති ජයග්‍රාහකයන්, විසිලක්ෂපති ජයග්‍රාහකයන් මෙන්ම සුපිරි ජයමල්ල හිමිකරගත් වාසනාවන්තයින් ඇතුලු ජයග්‍රාහකයන් 81 දෙනෙකු සදහා ඔවුන්ට හිමි මුදල් චෙක්පත් ප්‍රදානයක් සහ එම ජයග්‍රාහකයන් බිහිකල අලෙවි නියෝජිතයින් සදහා සහතික පත් ප්‍රදානයක්, 2024.05.28 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණරත්න නාරගල මහතාගේ සහභාගීත්වයෙන් ප්‍රධාන කාර්යාල ශ්‍රවණාගාරයේදී සිදු කරන ලදී.

මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ප්‍රවීණ රූපවාහිනී නිවේදක කැළුම් විජේසූරිය මහතා සහභාගී වූ අතර, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුළු කළමනාකාරිත්වයේ සාමාජිකයින් සහ මාද්‍ය හිතවතුන් රැසක් ද මෙම අවස්ථාව සඳහා සහභාගි විය.



සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය

21-January-2025

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය නිමිත්තෙන්  2025.01.20 වන දින ආයතන ශ්‍රවණාගාරයේදි ධර්ම දේශනයක් පවත්වන ලද අතර පිළිකා රෝහල වෙත ඖෂධ තොගයක් පරිත්‍යාග කිරීමද සිදුකරන ලදී.

...

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෑගල්ල, මාතලේ හා මහනුවර දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව -2025.01.05

09-January-2025

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෑගල්ල, මාතලේ හා මහනුවර දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව -2025.01.05

මෙරට සුවහසක් ජීවිත එළිය කරන්නට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය දෙන  අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ තවත් එක් රැස්වීමක් කෑගල්ල,මාතලේ හා මහනුවර දිස්ත්‍රික් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා 2025.01.05 වන දින ඕක්-රේ ර...

විශේෂාංග පුවත්