සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

නොවැම්බර් මස සිට සසිරි සතියට දින පහක් !

24-October-2024

ලංකාවේ ප්‍රථම ඩිජිටල් ලොතරැයිපත ලෙස වැඩිම ලක්ෂපතියන් ප්‍රමාණයක් බිහිකරමින් ඔබේ විශ්වාසය දිනාගත් “සසිරි” ලොතරැයිය නොවැම්බර් මස සිට සතියට දින පහක් දිනුම් ඇදීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව සතියට දින 03 ක් (අඟහරුවාදා, සිකුරාදා සහ ඉරිදා) දිනුම් අදිනු ලබන සසිරි ටිකට්පත 2024 නොවැම්බර් මස 02 වනදා සිට සෑම බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනකදීම දිනුම් ඇදීම සිදුකෙරේ.

එදින සිට සෑම සෙනසුරාදා දිනකම තැඹිලි පැහැ වර්ණයෙන් ද, සෑම බ්‍රහස්පතින්දා දිනක ම  නිල් පැහැ වර්ණයෙන් ද නව ලොතරැයි පත් වෙළඳ පොළට නිකුත්වේ.

මෙම අමතර දින 2 ට අදාල ටිකට් පත් වෙළදපලට නිකුත් කිරීම 2024.10.23 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපති/ප්‍රධාන විධායක නිලධාරී එම්.ආර්.හේමන්ත ස්වර්ණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුලු කළමනාකාරිත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩල ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදුකරන ලදී.

කවදත් ඔබට පහසුම ලෙස වැඩිම දිනුම් අවස්ථාවන් ගෙන ආ සසිරි ලොතරැයිය සමගින් මෙතැන් සිට දින පහකදීම එක්වී උපරිම ජයග්‍රාහණ ප්‍රමාණයක් හිමි කර ගන්නැයි සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලොතරැයි පාරිභෝගික ඔබගෙන් ඉල්ලා සිටී.



ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

17-July-2026

...

විශේෂාංග පුවත්