සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සුපිරි ධන සම්පත “ ඩබල් ෆෝචූන් ” විශේෂ ලොතරැයිපත වෙළදපලට නිකුත් කෙරේ!

31-January-2025

කෝටි ගණන් දිනුම් ගෙනෙමින් වැඩිම ත්‍යාග මුදල් ප්‍රමාණයක් පිරිනමන සුපිරි ධන සම්පත ලොතරැයියේ “ඩබල් ෆෝචූන් ” විශේෂ ලොතරැයිපත් වෙළදපලට නිකුත් කිරීම 2025.01.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී හේමන්ත ස්වර්ණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් හා සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ඇතුළු කළමනාකාරිත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩල ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදුකරන ලදී.

මෙම විශේෂ දිනුම් ඇදීම 2025 පෙබරවාරි 28 වන සිකුරාදා දින සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇති අතර මෙම “ ඩබල් ෆෝචූන් ” විශේෂ දිනුම් ඇදීම මගින් එදිනට නියමිත සුපිරි ජයමල්ල,සෙසු ත්‍යාග වලට අමතරව අංක 06 කින් යුත් පළමු විශේෂ අංකය ගැළපීමෙන් රු.100,000/- මුදල් ත්‍යාග හා තෝරාගනු ලබන අංක 06 කින් යුත් දෙවන විශේෂ අංකය ගැළපීමෙන් රු.50,000/- මුදල් ත්‍යාග රැසක් ද, ජයග්‍රාහකයින්ට දිනා ගත හැක.

සුපිරි ධන සම්පත “ ඩබල් ෆෝචූන් ” ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගෙන ඔබත් වැඩි වැඩියෙන් ත්‍යාග දිනා ගන්න.



ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

17-July-2026

...

විශේෂාංග පුවත්