සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සුපිරියටම ඔබ දිනවන්න “ශනිදා සුපිරි 5000” විශේෂ ලොතරැයිපත දැන් වෙළදපලේ.

26-May-2025

දශක හතරක් පුරාවට පායන හිරු මෙන් ඔබේ ජීවිත එළිය කළ ශනිදා ලොතරැයියේ ඵෙතිහාසික 5000 වන දිනුම් ඇදීමේ වාරය නිමිත්තෙන්  හදුන්වා දුන් “ශනිදා සුපිරි 5000” විශේෂ ලොතරැයිපත වෙළදපලට නිකුත් කිරීම 2025.05.26 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරිත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩල ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදුකරන ලදී.

“ශනිදා සුපිරි 5000” විශේෂ දිනුම් ඇදීම ශනිදා ලොතරැයියේ 5000 වන දිනුම් ඇදීම් වාරය යෙදී ඇති 2025 ජූනි 19 වන දින සිදු කිරීමට නියමිත අතර මෙහිදී ඔබට එදිනට නියමිත කෝටි 05 ඉක්මවන සුපිරි දැවැන්ත ජයමල්ලටත්,ලක්ෂ විස්ස දක්වා දිවයන සෙසු ත්‍යාග වලටත්, සෙකන්ඩ් චාන්ස් විශේෂ ත්‍යාග වලටත් අමතරව පහත මුදල් ත්‍යාග වලටද හිමිකම් කීමේ හැකියාව ඇත.

“ශනිදා සුපිරි 5000” ලොතරැයිපත ඉදිරිපස අංක 06කින් යුත් විශේෂ අංකයක් සහ අංක 04කින් යුත් විශේෂ අංකයක්  මුද්‍රණය කර ඇති අතර, අංක 06 කින් යුත් විශේෂ අංකය ගැලපීමෙන් රු.50,000/- මුදල් ත්‍යාග රැසක් ද, අංක 04 කින් යුත් දෙවන විශේෂ අංකය ගැලපීමෙන් රු.5,000/- මුදල් ත්‍යාග රැසක් ද, ජයග්‍රාහකයින්ට දිනා ගත හැක.

එසේනම් ඔබත් දශක හතරක විශ්වාසය සුරැකි ශනිදා ලොතරැයියේ ශනිදා සුපිරි 5000 විශේෂ ලොතරැයිපත්ද විශ්වාසයෙන් මිළදී ගෙන වාසනාවේ වැඩි ඉඩ කඩක් ඔබ වෙනුවෙන් වෙන් කර ගන්න.



ලග්න වාසනාව “සුපිරි ධන යෝගයේ” බැලීනෝ මෝටර් රථය මාවනැල්ලේ නවරත්න මහතාට

01-July-2020

ලග්න වාසනාව “සුපිරි ධන යෝගයේ” බැලීනෝ මෝටර් රථය මාවනැල්ලේ නවරත්න මහතාට

ලග්න වාසනාව “සුපිරි ධන යෝගය” විශේෂ දිනුම් ඇදීමේ වාරයේ ප්‍රථම ත්‍යාගය       රු. 47,25,000.00 ක් වටිනා බැලීනෝ මෝටර් රථය දිනාගත් මාවනැල්ල ප්‍රදේශයේ ඩී.එම්.ඒ.නවරත්න මහතාට එම මෝටර් රථය ප්‍රදානය...

ජූනි මාසය තුළ පමණක් සුපිරි ජයග්‍රාහකයින් හයදෙනෙක් සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන්

25-June-2020

ජූනි මාසය තුළ පමණක් සුපිරි ජයග්‍රාහකයින් හයදෙනෙක් සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන්

පශ්චාත් කොරෝනා සමයක සියලු අභියෝග පරදා ජූනි මාසය වාසනාවේ මාසය බවට පත් කරමින් සුපිරි ජයග්‍රාහකයින්ම හය දෙනෙක් බිහිකිරීමට සංවර්ධන ලොතරැයි ලොතරැයි මණ්ඩලය සමත් වී ඇත.

අවශ්‍යම මොහොතක තම පාරිභෝගිකයින් ජයග්‍රාහණය කරවමින් ජූනි මස 11 වන දින සිට එක පෙළට කෝටිපතියන් ලක්ෂපතියන් බිහිකිරීමට හ...

විශේෂාංග පුවත්