සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

ජය සම්පත “ඩබල් වාසි” විශේෂ දිනුම් ඇදීම 2025 ජූලි 25 වනදා

02-July-2025

ජයග්‍රහනයේ මාවත් රැසක් එකවර විවෘත කරමින් වෙළදපලට හදුන්වා දුන් නවතම ලොතරැයිය වන ජය සම්පත ලොතරැයියේ ජය සම්පත ඩබල් වාසි නමින් විශේෂ දිනුම් ඇදීමක් ක්‍රියාත්මක කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය තීරණය කර ඇති අතර එම  “ජය සම්පත ඩබල් වාසි” විශේෂ ලොතරැයිපත් වෙළදපලට නිකුත් කිරීම 2025.07.02 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරිත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩල ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදුකරන ලදී.

මෙම විශේෂ දිනුම් ඇදීම 2025 ජූලි මස  25 වන සිකුරාදා දින සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇති අතර මෙමඟින් ජයසම්පත ලොතරැයියේ සුපුරුදු රු.250,000/-, රු.50,000/- හා සෙසු මුදල් ත්‍යාග  වලට අමතරව ජය සම්පත ඩබල් වාසි ටිකට්පතෙහි මුහුණතෙහි මුද්‍රිත ඉලක්කම් 05 කින් යුත් පළමු විශේෂ අංකය ගැළපීමෙන් , රු.5000/- මුදල් ත්‍යාග ද ඉලක්කම් 06 කින් යුත් දෙවන විශේෂ අංකය  ගැළපීමෙන් රු.250,000/- මුදල් ත්‍යාගද රැසක්  දිනා ගත හැක.

ඔබත් වැඩිම දිනුම් අවස්ථා රැගෙන එන ජය සම්පත ලොතරැයියේ “ ඩබල් වාසි” විශේෂ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගෙන වැඩියෙන් ත්‍යාග දිනා ගන්න.



ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

31-October-2019

ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

එදා මෙදා තුර ශ්‍රි ලාංකීය ලොතරැයි ඉතිහාසයේ වැඩිම සුපිරි ජයමල්ල වෙනුවෙන් ජයග්‍රාහකයෙක් බිහි කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක ලොතරැයියට හැකියාව ලැබී ඇති බව සතුටින් දන්වා සිටිමු.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වැඩිම ආරම්...

සංවර්ධන ලොතරැයි මණ්ඩලය DLB SWEEP APP එළිදක්ව

15-October-2019

සංවර්ධන ලොතරැයි මණ්ඩලය DLB SWEEP APP එළිදක්ව

සංවර්ධන ලොතරැයි මණ්ඩල පාරිභෝගික ජනතාවගේ පහසුව උදෙසා හදුන්වා දුන් DLB Sweep App එළිදැක්වීම පසුගියදා සිදුකරන ලදී.

ලෝකයේ නව තාක්ෂණික ප්‍රවණතාවයන්ට අනුගත වෙමින් අනාගත ව්‍යාපාරික ලෝකය ජය ගැනිමටත් නව තාක්ෂනික මෙව...

විශේෂාංග පුවත්