සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ උතුරු පළාත් අලෙවි නියෝජිත හමුව සහ අලෙවි කුටි ප්‍රදානෝත්සවය ගරු මුදල් ඇමතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව අවසන් කෙරේ.

08-September-2019

සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් දීප ව්‍යාප්තව පැවැත්වීමට නියමිත අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් අගයන "අභිමානී" වැඩසටහන් මාලාවේ  ප්‍රථම වැඩසටහන සහ අලෙවි කුටි ලබාදීමේ වැඩසටහන් මාලාවේ 2019 වර්ෂයේ සමාරම්භක වැඩසටහන උතුරු පළාත් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් අද දින (2019.09.08) යාපනය නගරයේදී ගරු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සහභාගිත්වයෙන් සිදුවිය.

 

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ උතුරු පළාත් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන්ගේ අලෙවි ප්‍රගතිය සමාලෝචනය කිරීම, ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කිරීම සහ එම වැඩසටහනෙහි ප්‍රධාන අරමුණක් වන අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් ඇගයීම එහිදි සිදුකරන ලදී.

2018 වර්ෂයේ උතුරු පළාතේ දිස්ත්‍රික් මට්ටමින් හොදම අලෙවියක් සිදුකළ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් අගයමින් චෙක්පත්, කුසලාන සහ සහතිකපත් ප්‍රදානය ගරු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සහ

මෙම වැඩසටහන අගය කරමින් සහභාගි වූ යාපනය මහ නගර සභාවේ නගරාධිපති ඉමානුවෙල් ආනෝල්ඩ් මහතා අතින් සිදුවිය. 

අලෙවි නියෝජිත හමුවට සමගාමීව පැවැත්වූ අලෙවි කුටි බෙදාදීමේ වැඩසටහනද සංකේතවත් කරමින් මුදල් අමාත්‍යවරයා විසින් සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් සන්නාම කරන නව අලෙවි කුටි 06 අදාළ අලෙවි නියෝජිත මහත්මීන් සදහා ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා, ක්‍රියාකාරී අධ්‍යක්ෂ එච්.ආර්.විමලසිරි මහතා, සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) විජිතා සෝමරත්න මෙනවිය, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) චානක දොඩංගොඩ මහතා, සහකාර සාමාන්‍යාධිකාරී (මුදල්) කසුන ජයසූරිය මහතා,සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම්) සුනිල් ජයරත්න මහතා , උතුරු නැගෙනහිර පළාත් කලාප කළමනාකරු කුමාරසිරි මහතා ඇතුලු කාර්ය මණ්ඩලය සහභාගි විය.



ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

17-July-2026

...

විශේෂාංග පුවත්