සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලය 39 වන සංවත්සරය සමරයි

19-January-2022

එම ජයග්‍රාහී 39 වන වර්ෂපූර්ණය වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත්, මුදල් අමාත්‍යතුමාටත් සහ සියලු ලක්වාසීන්ටත් , සංවර්ධන ලොතරැයි මණ්ඩලයටත් සෙත්පතා සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනයක් සිදුකරන ලදී.
එසේම ඒ සියල්ලන්ටම පුණ්‍යාණුමෝදනා කරමින් ස්වාමීන් වහන්සේලා 39 දෙනෙක් වෙනුවෙන් උදෑසන දානමය පින්කමක්ද සිදුකරන ලදී.
රටේ චිර ජීවනයත්, වංසගත උවදුරු ආරක්ෂාවත් මෙන්ම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සුබ සිද්ධියත් අපේක්ෂා කරමින් සිදුකළ එම පිරිත් දේශනය වෙනුවෙන් වරාය හා නාවික අමාත්‍ය ගරු රෝහිත අබේගුණවර්ධන මහතාත්, සංවර්ධන ලොතරැයි අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් වෙළද අමාත්‍යංශ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය,ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන මූල්‍ය නිළධාරී රවීන්ද්‍ර ජේ විමලවීර මහතා ,නීතිඥ ජෙනට් ජයවර්ධන මහත්මිය සහභාගී විය.කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස් ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති / අධ්‍යක්ෂ පාලන මනුල චමල් පෙරේරා මහතාද මෙම අවස්ථාව සදහා සහභාගී වූ අතර මේ සියලු ආශිර්වාදාත්මක අවස්ථාවන් වෙනුවෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් ගුණරත්න නාරගල මහතා, සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුළු නිළධාරීන් සහ කාර්ය මණ්ඩලය සහභාගී විය.
 



ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

17-July-2026

...

විශේෂාංග පුවත්