සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සුපිරි ජයග්‍රාහකයින් තිදෙනෙක් සමගින් තවත් ජයග්‍රාහකයින් හතලිස් හය දෙනෙක් මෙවර සංවර්ධන ලොතරැයි මණ්ඩලයේදි ත්‍යාග ලබයි.

28-August-2019

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් විශ්වාසයෙන් මිළදී ගෙන වාසනාවන්තයින් බවට පත්වූ ජයග්‍රාහකයින් හතලිස් නව දෙනෙක් සදහා අදාළ චෙක්පත් ප්‍රදානය 2019.08.20 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී සිදුවිය.

එක් මසක් ඇතුළත ලග්න වාසනාව බිහිකළ සුපිරි ජයග්‍රාහකයින් තිදෙනාටම අදාළ චෙක්පත් පිරිනැමීම එහිදී සිදුවිය.

එහිදී ලග්න වාසනාව 2577 වන වාරයේ සුපිරි ජයමල්ල රු.3,744,332 ක මුදල දිනාගත්  පුවක්පිටිය එස් ආනන්ද මහතාට ලග්න වාසනාව 2562 වන වාරයේ සුපිරි ජයමල්ල වූ රු.2,725,216 ක මුදල දිනාගත් දෙල්ගොඩ ආර්.ඩී.එස්.කුමාරට සහ ලග්න වාසනාව 2563 වන වාරයේ සුපිරි ජයමල්ල රු.2,000,000 ක මුදල දිනාගත් කන්කසන්තුරේ  ජී.නිදූසන් මහතාට අදාල චෙක්පත් පිරිනැමීම සිදුකරන ලදී.

තවද දස ලක්ෂයේ මුදල් ත්‍යාග දිනූ ජයග්‍රාහකයින් හතලිස් දෙදෙනෙක් සදහා අදාළ චෙක්පත් ප්‍රදානය කිරීම සිදුවූ අතර අද කෝටිපති විශේෂ දිනුම් ඇදීමේ වාරය හරහා විගෝ මෝටර් රථය දිනාගත් ජයග්‍රාහකයාට සහ යතුරු පැදි දිනාගත් ජයග්‍රාහකයින් තිදෙනෙක් සදහාත් අදාළ යතුරු පිරිනැමීම සිදුවිය.

මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා ක්‍රියාකාරී අධ්‍යක්ෂ එච්.ආර්.විමලසිරි මහතා ඇතුලු නිළධාරීන් සහභාගී විය.



ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

17-July-2026

...

විශේෂාංග පුවත්