සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

“DLB සත්කාර” හය වන වෛද්‍ය කදවුර බදුල්ල දිස්ත්‍රික්කයේදී.

01-October-2019

සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම අලෙවි නියෝජිත සහ අලෙවි සහායක මහත්ම මහත්මින් වෙනුවෙන්  “ DLB සත්කාර ” යන තේමාව යටතේ ක්‍රියාත්මක කරනු ලබන වෛද්‍ය කදවුරු මාලාවේ තවත් අදියරක් පසුගියදා ක්‍රියාත්මක කරන ලදී.

එය බදුල්ල දිස්ත්‍රික්කයේ අලෙවි නියෝජිත සහ අලෙවි සහායක මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වන ලද අතර එය  මෙම වෛද්‍ය කදවුරු මාලාවේ හය වන වෛද්‍ය කදවුරයි.

පසුගිය සැප්තැම්බර් 27 වන දින පවත්වන ලද මෙම වෛද්‍ය කදවුර සදහා 500කට ආසන්න පිරිසක් සහභාගි වූ අතර එහිදී වෛද්‍ය පරීක්ෂණ හා වෛද්‍ය උපදෙස් සමගින් ඖෂධ ලබාදීමත් අක්ෂි පරීක්ෂාව සමගින් ඇස් කණ්ණාඩි ලබාදීමත් සිදුවිය.

මෙම වෛද්‍ය කදවුර සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා, සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ,සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම්) සුනිල් ජයරත්න මහතා, බදුල්ල දිස්ත්‍රික් කලාප කළමනාකරු උපාලි සමන්කුමාර මහතා ඇතුලු පිරිස සහභාගී විය.



සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය

21-January-2025

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය නිමිත්තෙන්  2025.01.20 වන දින ආයතන ශ්‍රවණාගාරයේදි ධර්ම දේශනයක් පවත්වන ලද අතර පිළිකා රෝහල වෙත ඖෂධ තොගයක් පරිත්‍යාග කිරීමද සිදුකරන ලදී.

...

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෑගල්ල, මාතලේ හා මහනුවර දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව -2025.01.05

09-January-2025

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෑගල්ල, මාතලේ හා මහනුවර දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව -2025.01.05

මෙරට සුවහසක් ජීවිත එළිය කරන්නට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය දෙන  අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ තවත් එක් රැස්වීමක් කෑගල්ල,මාතලේ හා මහනුවර දිස්ත්‍රික් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා 2025.01.05 වන දින ඕක්-රේ ර...

විශේෂාංග පුවත්